නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව “මාරාන්තික හා දැවැන්ත” ගුවන් ප්‍රහාර එල්ල කළ බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

නත්තල් දිනයේ දී සිදු කරන ලද මෙම ප්‍රහාරයෙන් ඉලක්ක කෙරුණේ නයිජීරියාවේ සොකෝටෝ කලාපයේ ත්‍රස්ත ක්‍රියාවන් සිදු කරන IS ත්‍රස්තවාදීන් පිරිසකි.

සිය ‘Truth Social’ හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, නයිජීරියවේ වෙසෙන අහිංසක කිතුනුවන් ඉලක්ක කර IS ත්‍රස්තයන් සිදුකරන කුරිරු ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

“කිතුනුවන් ඝාතනය කිරීම නතර නොකළහොත්, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි මම මීට පෙර මෙම ත්‍රස්තවාදීන්ට අනතුරු ඇඟවූවා. අද රාත්‍රියේත් එය එසේම විය”

“දෙවියන් වහන්සේ අපගේ හමුදාවට ආශීර්වාද කරත්වා, “මියගිය ත්‍රස්තවාදීන් ඇතුළු සැමට සුභ නත්තලක්’ යයි ට්‍රම්ප් එම පණිවිඩයෙහි සඳහන් කර තිබෙනවා.

ක්‍රිස්තියානුවන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් ප්‍රහාර තවදුරටත් දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීමක්ද එම පණිවුඩයේ ඇතුළත්ය.

එමෙන්ම සිය නායකත්වය යටතේ රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට නැගී සිටීමට ඉඩ නොදෙන බවත් ඔහු එහි අවධාරණය කර තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාරයට නයිජීරියානු රජයේ සහයෝගය ලැබුණු බව අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබෙනවා.

එහෙත් ප්‍රහාරය පිළිබඳ නයිජීරියානු රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය දශකයකට වැඩි කාලයක සිට ඊසානදිග නයිජීරියාවේ දහස් ගණනක් මිනිසුන් ඝාතනය කරමින් සිටිනවා.

අමෙරිකාව පසුගිය සතියේ සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්තයන් ඉලක්ක කර ද දැවැන්ත ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා. ඒ ඇමරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙක් සිවිල් වැසියෙක් ඝාතනය කිරීමට පළි ගැනීමක් ලෙසයි.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...