බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්) දිවයින පුරා පොලිස් ස්ථානවලට බෙදාහැර ඇතැයි පොලිසිය පවසා තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා සඳහන් කර ඇත්තේ ජනවාරියේ තවත් එවැනි නළ 250,000ක් පැමිණීමට නියමිත බවය.
නව අවුරුදු සමය තුළ දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලිස් ස්ථාන මගින් දියත් කර ඇති බව ඔහු පවසා තිබෙනවා.
පොලිස් ස්ථාන මගින් විශේෂ මෙහෙයුම් සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ බීමත් රියැදුරන් නිසා මාරක රිය අනතුරු, දේපළ හානිවීම් වැඩි වශයෙන් සිදුවන අතර එය පාලනය කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවත්, සිංහල අවුරුදු සමයෙන් පසුවද බීමත් රියැදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ක්‍ෂණික මෙහෙයුම් (විශේෂයෙන් රාත්‍රී කාලයට) සිදුකිරීමට පොලිස් ස්ථාන මගින් කටයුතු කරනු ඇති බවද ඒ මහතා පවසා තිබෙනවා.
