සංගීතයට වෛරකරන මුස්ලිම් කණ්ඩායම්, බංගලාදේශයේ කලාකරුවන්ට එල්ල කරන ප්‍රහාර වැඩි කරයි

බංග්ලාදේශයේ කලාකරුවන්, රංගන ශිල්පීන් සහ සංස්කෘතික ආයතනවලට එල්ල වූ ප්‍රහාර කිහිපයක් මධ්‍යයේ, ඩකා සිට කිලෝමීටර් 120 ක් පමණ දුරින් පිහිටි ෆරීඩ්පූර් හි ජනප්‍රිය ගායකයකුගේ ප්‍රසංගයක් අවලංගු කර තිබෙනවා.

මෙම ප්‍රහාරය ඉස්ලාමීය කණ්ඩායමක් විසින් එල්ල කරනු ලැබුවේ බංගලාදේශයේ ජනප්‍රිය රොක් තරුවක් ලෙස සැලකෙන ජේම්ස්ගේ ප්‍රසංගයක් ඉලක්ක කරමිනි. දේශීය පාසලක සංවත්සර සැමරුමක් සඳහා සිකුරාදා රාත්‍රී 9.00ට පමණ මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණා.

එම ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ පිරිසක් ගල්, ගඩොල් වැනි දෑ විසි කරමින් එම උත්සවය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

සිසුන් ප්‍රහාරකයින්ට විරුද්ධ වූ නමුත් අවසානයේ පළාත් පාලන ආයතනවල උපදෙස් අනුව ප්‍රසංගය අවලංගු කිරීමට සිදු වුණා. සිද්ධියෙන් 25 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

බංගලාදේශය තුළ මෑතක සිට වර්ධනය වන තත්ත්වය අනුව ඇතැම් ඉස්ලාම් කණ්ඩායම් සංගීත ප්‍රසංග, කලා උත්සව සඳහා දැඩි විරෝධයක් එල්ල කරමින් සිටිනවා.

ජනප්‍රිය කතුවරියක වන තස්ලිමා නස්රීන් මෙම සිදුවීම හා බංග්ලාදේශයේ වර්ධනය වන කලා විරෝධය පිළිබඳ ඇගේ බරපතල කණස්සල්ල පළ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි සටහනක ඇය සඳහන් කර තිබුණේ සංගීතයට එරෙහි ජිහාඩ්වාදීන්ගේ බලපෑම නිසා ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් බංගලාදේශය ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.

දින කිහිපයකට පෙර ලෝක ප්‍රසිද්ධ විශාරද උස්තාද් අලවුද්දීන් ඛාන්ගේ පුත් අලි අක්බර් ඛාන්ගේ මුණුපුරා සිරාජ් අලි ඛාන් ඩකා වෙත පැමිණියත් ඔහු ඩකාහි කිසිදු ප්‍රසංගයකට සහභාගී නොවී ඉන්දියාවට පිටත්ව ගිය බව වාර්තා වුණා.

කලාකරුවන්, සංගීතය සහ සංස්කෘතික ආයතන ආරක්ෂිත වන තුරු ඔහු නැවත බංග්ලාදේශයට නොඑන බව ඔහු පවසා ඇතැයි නස්රීන් පවසා තිබෙනවා.

දින දෙකකට පෙර, උස්තාද් රෂීඩ් ඛාන්ගේ පුත් අර්මාන් ඛාන් ද ඩකාහි ප්‍රසංගයක් ප්‍රතික්ෂේප කර තිබුණේ සංගීතයට වෛර කරන ජිහාඩ්වාදීන් වාසය කරන බංගලාදේශයට පය තැබීමට තමා කැමති නැති බව පවසමිනි.

මෙවර ප්‍රහාරයට ලක් වූ ජේම්ස් බංග්ලාදේශ ගායක ගීත රචකයෙක් ගිටාර් වාදකයක් සහ ප්‍රධාන ගායකයෙක් වෙනවා.

ඔහු ‘Nagar Baul’ රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා, ගීත රචකයා සහ ගිටාර් වාදකයා ලෙස කටයුතු කරනවා.

එපමණක් නොව ඔහු ‘Bheegi Bheegi’, ‘Life in Metro’, ‘Alvida’ වැනි ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීත කිහිපයක් ගායනා කර තිබෙනවා. ඔහු බංග්ලාදේශයේ ඉතා ජනප්‍රිය වන අතර, ඔහුගේ ප්‍රසංගයට එල්ල වූ ප්‍රහාරය පෙන්නුම් කරමින් සිටින්නේ බංග්ලාදේශයේ රැඩිකල් මුස්ලිම් කණ්ඩායම් කෙතරම් අන්තගාමී වෙමින් සිටින්නේද යන්නයි.

මෑත වකවානුවේ දැඩි මතධාරී ඉස්ලාමීය රැඩිකල් මැරයන් බංග්ලාදේශයේ වීදි අත්පත් කරගෙන සිටින බව වාර්තා පෙන්වා දෙනවා.

චයානාට්, උඩිචි වැනි සංස්කෘතික ආයතන, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ පුවත්පත් කාර්යාල ගණනාවක් මෑතකදී ඔවුන්ගේ ප්‍රහාරයට ලක් වුණා.

මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මෙම ක්‍රියාකාරකම් පාලනය කිරීමට අපොහොසත් වී බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Latest News

More like this

‘කැක්කුම’ සංවිධානය සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට රු මිලියන දෙකක ඖෂධ පරිත්‍යාග කරයි

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සෞඛ්‍ය...

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...