‘කැක්කුම’ සංවිධානය සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට රු මිලියන දෙකක ඖෂධ පරිත්‍යාග කරයි

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා ‘කැක්කුම’ සංවිධානය විසින් රු මිලියන දෙකකට ආසන්න ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

එම ඖෂධ තොගය ඊයේ (27) දින පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය වෙත භාරදෙනු ලැබුවේ ‘කැක්කුම’ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය අශෝක ජයසේන මහතා ඇතුළු පිරිසක් විසිනි.

එම සංවිධානයේ පිරිසක් මෙම ඖෂධ තොගය ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

මෙම ඖෂධ තොගය ගංවතුර සහ නායායෑමට ලක්ව පීඩාවට පත් ජනතාව වෙසෙන නුවරඑළිය දිස්ත්‍රික්කය වෙත යොමු කිරීමට නියමිතය.

ඉදිරි දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ස්වේච්ඡා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් එම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට සූදානම් කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

සංගීතයට වෛරකරන මුස්ලිම් කණ්ඩායම්, බංගලාදේශයේ කලාකරුවන්ට එල්ල කරන ප්‍රහාර වැඩි කරයි

බංග්ලාදේශයේ කලාකරුවන්, රංගන ශිල්පීන් සහ සංස්කෘතික ආයතනවලට එල්ල වූ...

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...