එන්නතකින් පසු මාස හතරක් වයසැති බිළිදිය මියයයි..

කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඒ එස් නිම්නාදි දිසානායක නමැති මාස 04ක් වයසැති දැරියක්, හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයෙන් පසුගිය 15 වන දින මාස හතරෙන් ලබාදෙන එන්නතක් ලබා දීමෙන් පසු ඊයේ (16) මියගොස් ඇති බව වාර්තා වේ.

කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරිය මිය ගොස් ඇති බව වාර්තා වේ.

දැරියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Latest News

error: Content is protected !!