එන්නතකින් පසු මාස හතරක් වයසැති බිළිදිය මියයයි..

කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඒ එස් නිම්නාදි දිසානායක නමැති මාස 04ක් වයසැති දැරියක්, හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයෙන් පසුගිය 15 වන දින මාස හතරෙන් ලබාදෙන එන්නතක් ලබා දීමෙන් පසු ඊයේ (16) මියගොස් ඇති බව වාර්තා වේ.

කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරිය මිය ගොස් ඇති බව වාර්තා වේ.

දැරියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Latest News

More like this

කවුරු විරුද්ධ වුණත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.. ජනපති

මේවන විට ආන්දෝලනයකට තුඩු දී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ...

දර්ශන සමුගනී

ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හා ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන...

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...