ඕස්ට්‍රේලියාවේ පිළිකා මර්දන ව්‍යාපෘතිය තුළ 9 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙක් මේ වන විට කැපී පෙනෙන භූමිකාවක නිරත වී සිටිනවා.
ඔහු යෙවින් කාරියවසම්ය. යෙවින් ඉගෙනුම ලබන්නේ Berwick හි ශාන්ත කැතරින් ප්‍රාථමික පාසලේය.
ඔහු ඕස්ට්‍රේලියාවේ දැවැන්ත ප්‍රශ්නයක් වූ පිළිකා රෝගින් වෙනුවෙන් දැවැන්ත අරමුදලක් රැස් කිරීමේ කාර්යභාරයට උර දෙමින් සිටිනවා.
වික්ටෝරියා පිළිකා කවුන්සිලය සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් සිය හිසකෙස් පිළිකා රෝගීන්ට පරිත්‍යාග කිරීමට ඔහු මේ වන විට පියවර ගෙන ඇති බව ඔහු පිළිබඳ පළවන වාර්තාවල සඳහන් වෙනවා. එපමණක් නොව ඔවුන් වෙනුවෙන් අරමුදල් රැස්කිරීමට ද ඔහු පියවර ගෙන ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මෙම අගනා කර්තව්‍යයට ඔහුට එම මඟ පෙන්වීම කළේ මව සහ පියා බව ඔහු පවසා තිබෙනවා.
පිළිකා රහිත අනාගතයක් සඳහා පිළිකා කවුන්සිලයට සහාය දැක්වීම වෙනුවෙන් සිය හිසකෙස් පරිත්‍යාග කිරීමට ඔහු කටයුතු කර තිබෙන්නේ ඒ අනුවයි.
වයස අවුරුදු 85 වන විට ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ඔවුන්ගේ ජීවිත කාලය තුළ යම් ආකාරයක පිළිකාවක් ඇති බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
එබැවින් තම හිසකෙස් කපා අවශ්‍යතා ඇති දරුවන්ට පරිත්‍යාග කිරීමට යෙවින් උත්සුක වී තිබෙනවා. මෙය බරපතල ඛේදවාචකයක් ලෙස සලකා අරමුදල් රැස් කිරීම අත්‍යාවශ්‍ය බව යෙවින් වැනි කුඩා දරුවෙකු අවබෝධ කරගෙන තිබීම යුගයේ අවශ්‍යතාවක් බවයි ඔහුව අගය කරන බොහෝ දෙනෙක් පවසන්නේ.
පිළිකා පර්යේෂණ සඳහා සහාය වීමට සහ පිළිකාවෙන් ජීවත් වන ඕස්ට්‍රේලියානුවන් සඳහා අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් මෙම ත්‍යාගශීලී අරමුදලට එක් වීමට දහසකුත් දරුවන්ට යෙවින් මඟ පෙන්වමින් සිටින බවයි වාර්තා වන්නේ.
