රන්වීර් සිංගේ ධුරන්දර් ඉන්දියාවේ ඉහළම ආදායම් ලැබු චිත්‍රපට පහ අතරට..

රන්වීර් සිං, අක්ෂේ ඛන්නා, ආර් මාධවන්, අර්ජුන් රාම්පාල් සහ සංජේ දත් රංගනයෙන් දායක වන ධුරන්දර් චිත්‍රපටය මේ වන විට ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ බොලිවුඩ් චිත්‍රපට අතර පස් වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ සති තුනක් තුළ, ඉන්දියාවේ ඉන්දියානු රු කෝටි 668.80 ක ශුද්ධ ආදායමක් රැස් කරමිනි.

පසුගිය පැය 24 තුළ, ධුරන්ධර්, ෂාරුක් ඛාන්ගේ ජවාන් (ඉන්දියානු රු කෝටි 640.42) සහ ප්‍රභාස්ගේ කල්කි 2898 AD (ඉන්දියානු රු කෝටි 653.21) යන චිත්‍රපට දේශීයව ලැබූ ආදායම් ඉක්මවා යාමට සමත් වුණා.

ඊළඟට එය ඉන්දියාවේ බොක්ස් ඔෆිස් ධාවනය රුපියල් කෝටි 772 කින් අවසන් කළ එස්එස් රාජාමෞලිගේ RRR සමඟ තරග කිරීමට නියමිතය.

ආදිත්‍ය ධාර් අධ්‍යක්ෂණය කළ ධුරන්දර් චිත්‍රපටය ඉදිරි දින කිහිපය තුළ රුපියල් කෝටි 800 ක සන්ධිස්ථානයට පහසුවෙන්ම ඇතුළු වනු ඇති බවයි විචාරක මතය වී තිබෙන්නේ.

චිත්‍රපටය ඉන්දියාව තුළ මේ වන විට Avatar: Fire And Ash සහ Tu Meri Main Tera Main Tera Tu Meri චිත්‍රපට සමඟද තරගයක් පවතී. කෙසේ වෙතත්, රන්වීර් සිං රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ගේ ප්‍රධාන තේරීම බවට පත්ව ඇති බාවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට 10 මෙසේය.

පුෂ්ප 2 – ඉන්දියානු රු කෝටි 1265.97
බාහුබලි 2 – ඉන්දියානු කෝටි 1031
KGF 2 Chapter 2 – ඉන්දියානු රු කෝටි 856
RRR – ඉන්දියානු රු කෝටි 772
ධුරන්දර් – ඉන්දියානු රු කෝටි 668.80
කල්කි 2898 AD – ඉන්දියානු රු කෝටි 653.21
ජවාන් – ඉන්දියානු රු කෝටි 640.42
ස්ත්‍රී 2 – ඉන්දියානු රු කෝටි 627.5
චාවා – ඉන්දියානු රු කෝටි 618.5
කන්තාරා – ඉන්දියානු රු කෝටි 622.41

Latest News

More like this

Avatar අලුත්ම චිත්‍රපටයේ වරන්ග් ලෙස රඟපාන චාලි චැප්ලින්ගේ මිණිපිරිය

අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගේ 'Avatar' චිත්‍රපට මාලාවේ මීළඟ චිත්‍රපටය 'Avatar:...

සිංහබාහු හොර කොපිය ලක්ෂ දහයක් බලලා.. සෝමේ අයියට හොඳටම මළ පනී

සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිංහබාහු සිනමාපටය සිනමා...