2025 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට රජය ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,660.22ක් බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙනවා.
මෙම වසරේ ජුලි මාසයට සාපේක්ෂව රජය ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවී ඇති බවයි එම වාර්තාව අනුව පෙන්වා දෙන්නේ.
ජුලි මාසය අවසානය වන විට ගෙවීමට තිබූ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,862.51කි. ඒ අනුව මෙම වර්ෂයේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 202.29කින් අඩු වී ඇති බව වාර්තාවේ දැක්වෙනවා.
එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසය වන විට ගෙවිය යුතු සමස්ත දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,679.49ක් වූ අතර ජුලි මාසය අවසානයට ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,944.36කි. ඒ අනුව ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ දී ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය ද රුපියල් බිලියන 264.87කින් අඩු වී තිබෙනවා.
2024 වර්ෂය අවසානය වන විට ගෙවිය යුතු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 28,738.70 ක් වූ අතර මෙම වර්ෂයේ මුල් මාස අටට ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 921.52කින් බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා.
