රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති බව පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන් පවසා තිබෙනවා.
එය කිසිසේත් නැවත බෞද්ධ රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීමට නොවන බව උන්වහන්සේ පවසනවා. තමන් බෞද්ධ රාජ්‍ය ලෙස සලකන්නේ සියලුම මිනිසුන්ගේ සමානාත්මතාවයට මුල් තැන දෙන රාජ්‍ය පාලනයක් බව සමන්ත භද්‍ර හිමියන් සඳහන් කරනවා. රාජ්‍යයක් කිසිදු ආගමකට ලඝු නොකළ යුතු බවද බෞද්ධ රාජ්‍යයක් කියමින් මිනිසුන් කොටසකට වෙනස් අයුරින් සලකනවා නම් එය අබෞද්ධකම යැයි ද උන්වහන්සේ පවසනවා.
විශේෂයෙන් අධ්‍යාපන ක්‍රමය වෙනුවට බෞද්ධ ධ්‍යාපනය ස්ථාපිත කිරීම අවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දෙනවා. සහකම්පනය සහිත අනාගත පරම්පරාවක් ගොඩ නැඟීමට නම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කර බුදුන් වහන්සේ දේශනා කළ අධ්‍යාපන මාර්ගයක් ස්ථාපිත කළ යුතු බවයි උන්වහන්සේ පවසන්නේ.
එමෙන්ම රටක හිඟමන් සංස්කෘතිය සම්පූර්ණයෙන් නැති කිරීමට ව්‍යවසායකත්වය නිර්මාණය කළ යුතු බවද සමන්ත භද්‍ර හිමි සඳහන් කරනවා.
ඒ හිටපු ජනාධිපති මාධ්‍ය උපදේශක කිංස්ලි රත්නායකගේ යූ ටියුබ් නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
“ඇත්තටම මිනිස්සු රවට්ටලා ඡන්දෙ ගන්න එක පවක්. මිනිස්‍සු ඡන්දෙ දීලා අවුරුදු පහක් සිහිනෙකට වැටෙනවා. අවුරුදු පහකට පස්සෙ සිහිනෙන් අවදි වෙලා බලනවා තමන් හිතපු රට හැදිලද කියලා. හැදිලා නෑ කියල තේරුණාම කුණුහරුපෙන් බැණල එළව ගන්නවා. ආයේ ඊළඟට ඉන්න එකාට දෙනවා. මිනිස්සුන්ට කැමති දේ නෙවෙයි දෙන්න ඕන, මිනිස්සුන්ට ඕන දේ. දක්ෂ දරුණු ඒකාධිපතියෙක් කරන්න ඕන ඒක. මිනිස්සු කැමති පාන් කන්න කොත්තු කන්න. කොත්තු තහනම් කරන්න ඕන. බත් කාපියව් කියන්න ඕන. ඒකට දක්ෂ, ශක්තිමත් ඇද නැති පාලකයෙක් මේ රටේ නායකයා වෙන්න ඕන.
ඇද නැති බය නැති නායකයෙක් එනකල් මේ රට ගොඩගන්න බැහැ.”
උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ රාජ්‍ය බලය දේශපාලන කූඨ උපක්‍රම සඳහා පමණක් නොව ජනතා අභිවෘද්ධිය සඳහාද භාවිත කළ යුතු බවයි.
එහිදී කිංස්ලි රත්නායක, කිසියම් අවස්ථාවක බල කේන්ද්‍රයක් ලෙස බෞද්ධයින් එක් වී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දෙන ලෙස ඉල්ලීම් කළහොත් ඔබවහන්සේ ඊට සූදානම් දැයි විමසූ අවස්ථාවේ සමන්ත භද්‍ර හිමි එයට ‘ඔව්’ යනුවෙන් කැමැත්ත පළ කර තිබෙනවා.
‘ඔව් හැබැයි පොරොන්දු පිට.. නැත්නම් මටත් වෙන්නෙ ගෝඨාභයට වුණු එක. අනුරට වුණු එක. මේ ජාතියෙ හැටි මම දන්නවා. මේ ජාතිය කැමති පිනට කන්න ඉල්ලගන්න. ඔක්කොම එකතු වෙලා මගෙන් ඉල්ලුවොත් මම පොරොන්දුවක් දෙනවා මම කන්න දෙන්නෙ නෑ.. මම මේක හදලා දෙනවා කියලා. එතකල් පටි තද කරගනිල්ල කියලා. එහෙම නැතුව භාරගන්න බෑ.
මේක කුණු ගොඩක්. මේ රටට ඕන නායකත්වයට අවශ්‍ය පිලෝසොපි එක මං ගාව තියෙනවා. මම හිතන විදිය, මගේ ඔලුව වැඩ කරන විදිය. මංඒකට කියන්නෙ ඒකාධිපති කාරුණිකයෙක් කියලා. ඒ නායකත්වය මං තුළ තියෙනවා.” උන්වහන්සේගේ වැඩිදුරටත් එසේ පවසා තිබෙනවා.
