ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු රට බවට ඊශ්‍රායලය පත් වුණා.

කෙසේ වෙතත් මෙය මතුපිටින් පෙනෙන්නට ඇති තත්ත්වයට වඩා ගැඹුරු භූ දේශපාලනික ප්‍රවේශයක් සඳහා වන උත්සහයක් බව පවසමින් රටවල් ගණනාවක් එම තීරණය හෙළා දැකීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. මෙම පියවර මගින් අප්‍රිකානු කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික ගැටලු නිර්මාණය කළ හැකි අතර සෝමාලියාව සමඟ ආතතීන් තියුණු කළ හැකි බව සඳහන්ය.

විශේෂයෙන්ම එය ඊශ්‍රායලයේ ප්‍රබල සතුරු කණ්ඩායමක් වන යේමනයේ හූති සටන්කාමීන් මර්දනය සඳහා ඊශ්‍රාලයේ උත්සාහයක් ලෙසයි සැලකෙන්නේ.

සෝමාලිලෑන්ඩ් ජනරජය අප්‍රිකානු කලාපයේ සෝමාලියාව හා ඉතියෝපියාව ආසන්නයේ පවතින අර්ධවශයෙන් පිළිගත් රාජ්‍යයකි. එය ඒඩන් බොක්කෙහි දකුණු වෙරළ තීරයේ පිහිටා ඇති අතර වයඹ දෙසින් ජිබුටි, දකුණින් සහ බටහිරින් ඉතියෝපියාව සහ නැගෙනහිරින් සෝමාලියාවට මායිමව පිහිටා තිබෙනවා.

“ඊශ්‍රායලය සෝමාලිලන්තය පිළිගැනීම, ඒඩන් බොක්ක හරහා අසල යේමනයෙන් එල්ලවන හූති ඩ්‍රෝන යානා සහ මිසයිල වලට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් එහි හමුදා පහසුකම් වෙත ප්‍රවේශ වීමට ගනු ලැබූ උත්සාහයකි.” මැද පෙරදිග සාම ක්‍රියාවලිය පිළිබඳ වොෂින්ටනයේ නැගෙනහිර ප්‍රතිපත්ති ව්‍යාපෘති ආයතනයේ අධ්‍යක්ෂ ඩේවිඩ් මාකොව්ස්කි පවසා තිබෙනවා.

හූතිවරුන් සහ ඊශ්‍රායලය වසර පුරා ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින අතර, කැරලිකාර කණ්ඩායම ගාසා තීරයේ අඛණ්ඩ ඊශ්‍රායල ආක්‍රමණයට විරෝධය දැක්වීමක් ලෙස රතු මුහුදේ නැව්වලට පහර දෙනු ලබනවා. සෝමාලිලෑන්ඩ් හි බර්බෙරා වරාය නගරය ඊශ්‍රායලයට රතු මුහුදට ප්‍රවේශ වීමට ඉඩ සැලසිය හැකි කේන්ද්‍රස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.

ඊශ්‍රායලයේ මාධ්‍ය වාර්තාවලට අනුව ජනාධිපති අබ්දිරහ්මාන් මොහොමඩ් අබ්දුල්ලා ඊශ්‍රායලයට රහසිගත සංචාර කිහිපයක් සිදු කළ බවත්, ඔක්තෝබර් මාසයේදී ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ආරක්ෂක අමාත්‍ය කැට්ස් සහ මොසාඩ් ප්‍රධානී ඩේවිඩ් බාර්නියා හමු වී තිබෙනවා.

ඊශ්‍රාලයේ මෙම පියවර සෝමාලියාව සහ අප්‍රිකානු සංගමය, ඊජිප්තුව සහ පලස්තීනය වැනි රටවල පවා විවේචනයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ

Latest News

More like this

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...

ශ්‍රී ලාංකික පොඩ්ඩෙක් ඕස්ට්‍රේලියාවේ සිදු කරන පෙරළිය

ඕස්ට්‍රේලියාවේ පිළිකා මර්දන ව්‍යාපෘතිය තුළ 9 හැවිරිදි ශ්‍රී ලාංකික...