ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026 වසරේ ඉන්දියාවට පැමිණීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වෙමින් පවතී.
වසර හතරකට ආසන්න විරාම කාලයක් හා කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා හමුදා පුහුණුව අවසන් කිරීමෙන් පසු මේ වන විට ඔවුන්ගේ නවතම ඇල්බමයෙහි කටයුතු කරමින් සිටින බවට ද වාර්තා පළ වෙනවා.
එය ලබන වසරේ මාර්තු මාසයේදී නිකුත් කිරීමට නියමිතය. ඉන් පසුව BTS කණ්ඩායම ලෝකය වටා සංචාරයක් පවත්වන බවයි නවතම වාර්තාවල සඳහන් වන්නේ.
BTS සාමාජිකයකු වන V දෙසැම්බර් 27 වැනිදා Weverse මොබයිල් ඇප් එකෙන් ඔවුන්ගේ ඉන්දීය සංචාරය ගැන ඉඟි ලබා දී තිබුණා. ඔවුන්ගේ ඊළඟ ලෝක සංචාරයේ එක් නැවතුමක් බවට ඉන්දියාව පත් වෙනු ඇති බවයි ඉන් ප්‍රකාශ වුණේ. ඔහු එම පණිවිඩයෙන් ඉන්දීය BTS හමුදාව ආමන්ත්‍රණය කරමින් ලබන වසරේ හමුවෙමු යැයි ප්‍රකාශ කර තිබුණේ මිලියන ගණනක් වන ඔවුන්ගේ ඉන්දීය රසිකයින් අමන්දානන්දයට පත් කරමිනි.
මේ අනුව ඉන්දීය රසිකයින් දිගු කලක් බලාපොරොත්තුවෙන් සිටි BTSලාගේ ඉන්දීය සංචාරය එළැඹෙන වසරේ යථාර්ථයක් වියහැකි බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් දිනයන් හෝ සංචාරය කරන නගර කිසිවක් මෙතෙක් තහවුරු කර නැහැ.
BTSලාගේ ලෝක සංචාරය 2026 දී ආරම්භ වීමට නියමිත අතර ලොව පුරා සංදර්ශන 60 සිට 65 දක්වා ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වෙනවා. උතුරු ඇමරිකාව සහ යුරෝපයේ රටවල් ගණනාවක් ද ඔවුන්ගේ නැවතුම් වනු ඇති බවයි සඳහන් වන්නේ.
