බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 80 වැනි වියෙහි පසු වුණා.

ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇය නැවත වරක් තම රට මෙහෙයවනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුණේ.

කෙසේ වෙතත් ඇය ඩකා හි එවර්කෙයාර් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අඟහරුවාදා උදෑසන 6 ට අභාවප්‍රාප්ත වූ බව ඇගේ පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. පසුගිය නොවැම්බර් 23 වන දින ඇගේ හදවතේ සහ පෙනහළුවල ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල් ගත කර තිබුණා.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා සියා එරට පළමු කාන්තා අගමැතිවරිය වෙනවා.

Latest News

More like this

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...

විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්

විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී...

රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි...