පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ බලන්න දින දෙකක් තුළ 3,000ක් ඇවිත්..

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරීශ‍්‍රයේ ඉදි වූ කෘත‍්‍රීම වෙරළ තීරය පසුගිය 15 වන දින විවෘත කෙරිණි. මෙය නැරඹිමට දින දෙකක් තුළ පුද්ගලයින් තුන් දහස් ගණනක් පැමිණ ඇත.

මෙම කෘත්‍රිම වෙරළ ජනතාවට කිසිදු ගාස්තුව අය කිරීමකින් තොරව නොමිළේ නැරඹීමට අවස්ථාව හිමි වේ.

දේශීය හා විදේශීය සංචාරක වෙරළ තීරයන්, ජල අලෙවිසැල්, ඇවිදින මංතීරු, ආහාරපාන සහ ව්‍යාපාරික පරිශ්‍රයන් ද මහජනතාවට විවෘත කර තිබේ. එමෙන්ම කෘත‍්‍රීම වෙරළ තීරයේ දිය නෑමට හා ජල ක‍්‍රීඩා ඇතුළු අංග රැසකින් විනෝද වීමට දේශීය මෙන්ම විදේශිකයන්ටද අවස්ථාව හිමිවේ.

ශ‍්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන ඒමට මෙම කොළඹ පෝර්ට් සිටි සංකීර්ණය මහත් රුකුලක් වනු ඇත.

Latest News

error: Content is protected !!