ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල යුද්ධයක් පවතින බව ආණ්ඩුව බලයට ආ මුල් කාලයේ සිට කරළියේ පැවති මාතෘකාවකි.
නමුත් මාළිමාවේ කටුව වෙනත් මානයකට කැරකී මෑතක සිට නිතර ඇසෙන්නේ පැලවත්‍ත හා ජනාධිපති ලේකම් කාර්යාලය අතර සීතල යුද්ධයක් පිළිබඳව කතාවක්ය.
මෙම කණ්ඩායම් දෙකටම සමීප ආරංචි මාර්ග පවසන ආකාරයට පැලවත්ත හා ජනපති ලේකම් කාර්යාලය අතර ගැටුමේ කතාව ඇත්‍තකි.
එම ගැටුම මේ වන විට නිකන්ම නිකන් ගැටුමක් නොව නැගලා යන ගැටුමක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එම කතන්දරවලට අනුව පැලවත්තේ ජවිපෙ ප්‍රබලයින්ට මේ වන විට ජනපති අනුර ගමන් කරමින් සිටින මාර්ගය ගැන පැහැදීමක් නැත.
අනුර ඔවුන්ගේ කන්ට්‍රෝල් එකෙන් ගිලිහී ඔහුගේ සමීප මිතුරෙක් බව කියන තැනැත්‍තෙක් හා මාළිමාවට හිතැති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට නතු වීම ඔවුන්ගේ කණස්සල්ලට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
අනුර එම නඩයෙන් ගලවා ගත යුතු බව පැලවත්තේ දැඩි ස්ථාවරය වී තිබෙනවා.
මාළිමාවට සමීප ප්‍රවීණ මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරින් කිහිපදෙනෙක් සිදු කරන ප්‍රකාශවලින්ද මෙම ගැටුම පිළිබඳ වරින් වර කරුණු ඉස්මතු වුණා.
