6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක සමලිංගික සහකරුවන් සොයා ගැනීමට අදාළ ප්‍රසිද්ධ වෙබ් අඩවියක යොමුවක් ඇතුළත් වීම මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

ඒ පිළිබඳ ලැබුණු පැමිණිලි අනුව සොයා බැලීමේ දී එම පැමිණිල්ල නිවැරදි බව තහවුරු වූ බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඊයේ (30) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවේ.

ඒ අනුව වහාම එම මොඩියුලය බෙදා හැරීම අත් හිටවූ අතර ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව එම නිවේදනයේ සඳහන් වුණා.

අද (31) දිනයේ දී මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව මෙම නව මොඩියුලය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පිළියෙල කොට මුද්‍රණය කරනු ලැබූවකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිවේදනයේ එසේ සඳහන් වුවද මෙම මොඩියුලය මේ වන විට දිවයින පුරා සියලුම ගුරුවරුන් අතරට බෙදා අවසන් බවයි වාර්තා වන්නේ. එපමණක් නොව එකී මොඩියුලයට අදාළාව විෂය පාඩම් බොහෝ ගුරුවන් විසින් මේ වන විට සිය අමතර පන්ති, යූ ටියුබ් නාළිකාවල ඉගැන්වීමට ද පටන් ගෙන තිබෙනවා.

එවැනි තත්ත්වයක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ගේ පෙළ පොත් නිර්න්මානය කිරීමේ දී දක්වා ඇති නොසැලකිල්ල බරපතල එකකි. වහාම මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් රටට පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව විවිධ පාර්ශවයන් මේ වන විට පෙන්වා දී තිබෙනවා.

මේ අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම්, සමස්ත ජාතියේ අනාගතයටම බලපාන මෙම වගකීම් විරහිත ක්‍රියාවේ වගකීම භාරගෙන අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද පවසනවා.

Latest News

More like this

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...