රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවියක් ඇතුළත් කර තිබීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.
ඒ ඇගේ ෆේස්බුක් ගිණුම ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේය. ඒ අනුව ඇය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඊයේ (30) දිනයේ නිකුත් කළ නිවේදනයට අදාළ ලිපිය ද ඊට අමුණා ඇති අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කිරිමට නියමිත බවත් විධිමත් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි පවසා ඇත්තේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රකාශයට එහා කිසිදු වචනයක් හෝ එහි සඳහන් නොවන අතර අවම වශයෙන් ජාතියේ දරුවන් වෙනුවෙන් ඇගේ කණගාටුව හෝ ප්‍රකාශ කර නැත.
ඇය මේ සම්බන්ධයෙන් ෆේස්බුක් හි පළ කළ සටහන මෙසේය.
“06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක ඇතුළත් වී තිබෙන වෙබ් අඩවියක ලිපිනයක් (Website URL) සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද නියමිතයි.”
