එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පසුගිය සති ගණනාවක සිට දේශපාලන කරළියේ කතා බහට ලක්වන කරුණකි.

ඊට සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් කොළඹ පෞද්ගලික හෝටලයකදී ඊයේ (දෙසැ. 30) දහවල් පැවැත්වූ බව වාර්තා වන්නේ ඒ අතරතුරදීය. එම දෙපාර්ශවයෙන්ම මේ වන විට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව සාකච්ඡා ඉතා සාර්ථකය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ එම සාකච්ඡා සාර්ථක බවයි. “අපගේ මාතෘ භූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී හා කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූත් ධනාත්මක වූත් සාකච්ඡාවක් පැවැත්වුවා” යනුවෙන් විපක්ෂ නායකයා එහි සටහන් කර තිබෙනවා.

සජබ පාර්ශ්වය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාපය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් හා හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මෙම හමුවට එක්ව වී තිබෙනවා.

පක්ෂ දෙක ඒකාබද්ධව දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇතැයි වාර්තා වෙනවා.

දෙපාර්ශ්වය එක්ව දිවා ආහාරය ලබා ගන්නා අතරේ ඉතා සුහදව මෙම සාකච්ඡාව ඉතා සුහද මට්ටමින් ගලා ගිය සංවාදයක් බවත් දෙපාර්ශවය එක් වී දිවා ආහරයද ගනිමින් ඉතා නිදහසේ මෙම සාකච්ඡාව පැවැත්වුණු බවයි වාර්තා වුණේ.

රුවන් විජයවර්ධන සාකච්ඡාවේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද (31) දින ලබා දීමට නියමිත බව එජාප ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

Latest News

More like this

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....