ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026 වසරට පමණක් අදාළ වනසේ 12% දක්වා තාවකාලිකව අඩු කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යැවූ ලිපියක් මේ වන විට සංසරණය වෙමින් පවතී.

හිටපු අමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇත්තේ පසුගිය 24 වැනිදාය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුළ දරුවන්ට ඇති ආදරය සහ කරුණාව ද එම ලිපියෙන් අගය කර ඇති ඩලස්
ශ්‍රී ලාංකීය දරුවන්ගේ අනාගතය පිළිබඳ පොදු ප්‍රමුඛතාවය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් සේ සලකා පවතින තීරුබදු මට්ටම වසරක කාලයක් සඳහා තාවකාලිකව අඩු කරන ලෙසයි එම ලිපියෙන් ඉල්ලා සිටින්නේ.

එම සහනය ලබා දෙන්නේ නම් එය ශ්‍රී ලංකාවට ලබා දෙන විශේෂ නත්තල් ත්‍යාගයක් බව ද ඔහු අවධාරනය කර තිබෙනවා.

මෙම ලිපිය ප්‍රධාන මාධ්‍ය ආයතන ගණනාවකින් ද වාර්තාකර ඇති මුත් ලිපියෙහි ඉංග්‍රීසි පිටපතක් දක්නට නැහැ. ඒ අනුව එම ලිපිය යොමු කර ඇත්තේ සිංහල භාෂාවෙන් පමණක් වීම ගැටලු සහගත බවයි සමාජ මාධ්‍යවල මේ පිළිබඳව අදහස් දක්වන්නන් ප්‍රකාශ කරන්නේ.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...