කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම සම්මත වී තිබෙනවා.

ඒ වැඩි ඡන්ද දෙකක් පක්ෂව හිමි කර ගනිමිනි.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණයි.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී එය පරාජයට පත් වුණේ වැඩි ඡන්ද තුනකිනි.

පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් එහිදී හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි.

නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් අද දිනයේදී යළිත් වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ එවන් පසුබිමකය.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනිවරට පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

අයවැය සම්මත කර ගැනීමේ දී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා පාලක ජාතික ජන බලවේගය විසින් විවිධ වරප්‍රසාද ලබා දීමට උත්සාහ කරන බවට ද වාර්තා පළ වුණා. විශේෂයෙන් විපක්ෂයේ කාන්තා මන්ත්‍රිවරියන් දෙදෙනෙකුගේ ඡන්දය ලබා ගැනීමට උත්සහ කරමින් සිටින බවයි වාර්තා වුණේ.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...