අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ විපක්ෂ මන්ත්‍රීවරියකගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මුස්ලිම් කොංග්‍රසය කටයුතු කර තිබෙනවා.

කොළඹ මහ නගර සභා මන්ත්‍රීනි සොහාරා බුහාරි අද (31) දින පැවති අයවැය දෙවැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණා.

ඇය එසේ ඡන්දය භාවිත කර ඇත්තේ පක්ෂ නායක රවුෆ් හකීම් විසින් සිය පක්ෂයේ සාමාජිකයන්ට අයවැයට විරුද්ධ වන ලෙස පෞද්ගලිකව උපදෙස් දී තිබියදී බවයි වාර්තා වන්නේ.

බුහාරි කොළඹ මහනගර සභා අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය දුන් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් විසින් නිකුත් කරන ලද ලිපියක ද සඳහන් වෙනවා.

මුස්ලිම් කොංග්‍රසය ඇයගේ හැසිරීම “පක්ෂ විනය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙසයි පවසන්නේ.

සාමාජිකත්වය අවසන් කිරීම ඇතුළු විනය ක්‍රියාමාර්ග නොගතයුත්තේ මන්දැයි පැහැදිලි කරමින් සතියක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස එම ලිපියෙන් බුහාරිට නියෝග කර තිබෙනවා.

සිය මතයට අනුකූල වීමට අපොහොසත් වීම හේතුවෙන් දැනුම්දීමකින් තොරව තවදුරටත් විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවටද මුස්ලිම් කොංග්‍රසය විසින් අනතුරු අඟවා තිබෙනවා.

Latest News

More like this

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...