විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන විමුක්ති කුමාරණතුංග ඉදිරිපත් වන බව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතිකාවට ලක් වන ප්‍රධාන මාතෘකාවකි.

එහෙත් එය ඇතම් පාර්ශව විසින් බැහැර කරනු ලැබුවේ ඔහුගේ මව වන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක එයට කිසිසේත් ඉඩ නොදෙන බව පවසමිනි.

මුල්කාලීනව චන්ද්‍රිකා මැතිනියගේ දැඩි ස්ථාවරය වූයේද සිය දරුවන් කිසි දිනක දේශපාලනයට නොඑන බවයි. පවුල් පසුබිමේ පියා වන එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා සහ ඇගේ ආදරණීය සැමියා වන විජය කුමාරණතුංග මහතා දේශපාලනය නිසා ඝාතනය වීම වැනි අමිහිරි අත්දැකීම් එයට හේතු වූවා විය හැකිය.

එහෙත් මෑතක සිට ඇගේ එම දැඩි ස්ථාවරය වෙනස් වී ඇති ආකාරය පැහැදිලිව දක්නට ලැබෙන්නකි.

ඇය මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්තිවලට ගරු කරමින් ඊට ආශිර්වාද දෙමින් දේශපාලන භූමියේ සක්‍රීය වී ඇති ආකාරය ද හොඳින් නිරීක්ෂණය කර ගත හැකිය. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ නෙරපනු ලැබු තරුණයින්ගේ අරගලයට ද ඇයගේ ආශිර්වාදය නොමඳව ලබා දුන්නාය.

පසුගිය දින කීපයේ හිටපු ජනපතිනිය සහභාගී වූ සුවඳ හමුවලදී ද විමුක්තිගේ දේශපාලන ආගමනය ගැන ඇයගෙන් අසන අවස්ථාවල ඇය වෙනදා තරම් රළු ප්‍රතිචාර නොදක්වන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ.

විමුක්ති පිළිබඳ සඳහන් නොකර තමන් තරුණයන් සූදානම් කරමින් සිටින බවයි ඇය එම අවස්ථාවල ප්‍රකාශ කරන්නේ.

එහි යටි අර්ථය වන්නේ මේ වන විටත් සිය පුත්‍රයාගේ වයසට හා ඔහුගේ පසුබිමට ගැළපෙන කණ්ඩායමක් ඇය විසින් සකස් කරමින් සිටින බවයි.

එනම් යම් නිශ්චිත මොහොතක විමුක්ති පැමිණෙනවා යන අරුත එහි පවතී.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...