සමලිංගික මොඩියුලයට ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී බෙල්ල තියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ ඇති වූ ගැටලු සහගත තත්ත්වය හමුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක සමලිංගික සහකරුවන් සොයා ගැනීමට භාවිත කරන වෙබ් අඩවියක යොමුවක් ඇතුළත් වීම ආන්දෝලනයට තුඩු දුන්නා.

එහි විමර්ශනය අවසන් වනතෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් වාර්තා පෙන්වා දෙන ආකාරයට පරීක්ෂණ අවසන් වන තෙක් ඇයට තාවකාලිකව ධුරයෙන් ඉවත් වෙන ලෙසට ඉහළින් නියෝගයක් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක්ද ගොනු කරනු ලැබුවා.

Latest News

More like this

ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී ඉල්ලා අස්වීම ප්‍රමාණවත්ද?? අමාත්‍යවරිය හා ලේකම් කුමක් කළ යුතුද?

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට දරුවන්ට නුසුදුසු සමලිංගික ප්‍රජාව...

කෝටි 6ක් වියදම් කර මුද්‍රණය කළ ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික පිටු ගලවා බෙදන්න නියෝගයක්

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස්කර මුද්‍රණය කෙරුණු හයවැනි ශ්‍රේණියේ...

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...