රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත එක් කිරීමේ සාකච්ඡා මාලාවක් මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

මේ පිලිබඳ පළවන ආරංචි මාර්ගවලට අනුව තත්ත්වය සුබදායකය.

එහෙත් රටේ ප්‍රබල හා තීරණාත්මක දේශපාලන නායකත්වයක් වන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අත්වීමට යන ඉරණම නම් එතරම් සුබ දායක නැති බවයි එම ආරංචි මාර්ගවලින් කියවෙන්නේ.

මෙම පක්ෂ දෙකට සමීප දේශපාලන ආරංචි මාර්ගවලට අනුව හිටපු ජනාධිපතිවරයාගේ නඩුවෙන් බොහෝ විට ඔහු සිරගත වීමට නියමිතය.

එවිට ස.ජ.බ. ය සහ U.N.P. ය ඒකාබද්ධ වන අතර එහි නායකකම සජිත් ප්‍රේමදාසට සහ උපනායකකම රුවන් විජේවර්ධන යන අයට හිමි වන ආකාරයට මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

ඉන්පසු දේශපාලනය නොකරන ව්‍යාපාරිකයන් සහ UNP ය විනාශ කල විනාශකාරීන් එක් වී විපක්ෂයේ බලය තමන් අතට ගැනීමට කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවද එම වාර්තා පවසනවා.

මේ සෑම දෙයකින්ම අවසානයේ දී රනිල්ගේ දේශපාන ගමන නිමාවට පත් වන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර සිදුවුණු සාකච්ඡාවලදී පක්ෂ දෙක ඒකාබද්ධ වූ විට නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දීමට එකඟතාවය හිමි වී ඇති බව වාර්තා වෙනවා.

එහිදී අනුශාසකත්වය පමණක් රනිල්ට ලබා දී ඔහුගේ දේශපාලනය අවසන් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...