කෝටි 6ක් වියදම් කර මුද්‍රණය කළ ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික පිටු ගලවා බෙදන්න නියෝගයක්

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස්කර මුද්‍රණය කෙරුණු හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සමලිංගික වෙබ් අඩවියට අදාළ කොටස් ඉවත් කර බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසන්නේ හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අදාළ කොටස් ඉවත් කර එම පොත් බෙදා හැරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

එම පොත් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි 6කට අධික මුදලක් වියදම් කර තිබෙන අතර පොත් ලක්ෂ තුනහමාරක් මුද්‍රණය කර තිබෙන බවද කළුවැව මහතා සඳහන් කර තිබෙනවා.

එම මුද්‍රිත පොත්වල නුසුදුසු කොටස් ඉවත් කිරීමෙන් පසු අනෙක් කොටස සහිත පොත බෙදා හැරෙන අතර ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ට වෙනම උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිත බව ද ලේකම්වරයා පවසනවා.

එමෙන්ම කිසිදු මුද්‍රිත පොතක් මේ වන විට පාසල් වෙත බෙදා හැර නොමැති අතර ඒවා මේ වන විට කොළබ පිහිටි ගබඩාවල ගබඩාකොට තිබෙනවා.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් ඉකුත් දා චෝදනා කළේ හයවැනි ශ්‍රේණියට අදාළ එම මොඩියුලයේ සමලිංගික කටයුතු ප්‍රවර්ධනය කරන බවටයි. ඒ එම මොඩියුලයේ සමලිංගික සහකරුවන් භාවිත කරන වෙබ් අඩවියක යොමුවක් සඳහන් වීම හේතුවෙනි.

Latest News

More like this

ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී ඉල්ලා අස්වීම ප්‍රමාණවත්ද?? අමාත්‍යවරිය හා ලේකම් කුමක් කළ යුතුද?

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට දරුවන්ට නුසුදුසු සමලිංගික ප්‍රජාව...

සමලිංගික මොඩියුලයට ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී බෙල්ල තියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ...

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...