ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී ඉල්ලා අස්වීම ප්‍රමාණවත්ද?? අමාත්‍යවරිය හා ලේකම් කුමක් කළ යුතුද?

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට දරුවන්ට නුසුදුසු සමලිංගික ප්‍රජාව අතර ජනප්‍රිය වෙබ් අඩවියක ලින්ක් එකක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව එම දුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබුණා.

මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුවන බැවින් ඇය ඉල්ලා අස්වීම හොඳය.

එසේ නම් එම ආයතනය අයත් වන අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ද ඉල්ලා අස්විය යුතු නොවේද?

සිය අමාත්‍යාංශය මන්ගින් සිදු වුණු බරපතල වැරදීමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළ පමණින් ඔහු සියලු චෝදනාවලින් නිදහස් වන්නේ නැත. හරි නම් ඔහුද විධිමත් පරීක්ෂණය අවසන් වන තුරු තාවකාලිකව හෝ එම ධුරයෙන් ඉල්ලා අස් විය යුතුය.

සිය අමාත්‍යාංශය මන්ගින් සිදුවූ වරද නිවැරදිවෙන තෙක් හරි නම් එම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ද තාවකාලිකව සියලු තනතුරුවලින් ඉල්ලා අස් විය යුතුය.

වෙන රටවල එහෙම වුණාට මෙහේ එහෙම වෙන්නේ නැහැ කියන ජනප්‍රිය කියමන මේ රජයට අදාළ වන්නේ නැත. ඔවුන් ආවේ පැවති ක්‍රමය වෙන්ස් කිරීමටය. හරි නම් හරිනි මේ මොහොතේ ඉල්ලා අස් වී සිය රජයේ පරමාදර්ශීය ප්‍රතිපත්ති ඔප්පු කර පෙන්විය යුතුය.

Latest News

More like this

කෝටි 6ක් වියදම් කර මුද්‍රණය කළ ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික පිටු ගලවා බෙදන්න නියෝගයක්

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස්කර මුද්‍රණය කෙරුණු හයවැනි ශ්‍රේණියේ...

සමලිංගික මොඩියුලයට ජාතික අධ්‍යාපන ආයතනයේ ඩීජී බෙල්ල තියයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ...

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...