යුක්‍රේනය පුටින්ගේ මන්දිරයකට පහර දීමට සැලසුම් කළ බවට ප්‍රබල සාක්ෂියක් හමුවේ

යුක්‍රේන හමුදාව මේ සතියේ රුසියානු ජනාධිපතිවරයාගේ මන්දිරයක් ඉලක්ක කරගත් බවට ප්‍රබල සාක්ෂි කිහිපයක් එක්සත් ජනපද හමුදා වෙත භාර දුන් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (01) නිවේදනය කරනු ලැබුවා.

ජ්‍යෙෂ්ඨ රුසියානු හමුදා ප්‍රධානියෙකු විසින් එම දත්ත අඩංගු යුක්‍රේන ඩ්‍රෝන යානයක කොටසක් එක්සත් ජනපද හමුදා ප්‍රධානියෙකු වෙත භාර දුන් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඉකුත් සඳුදා රුසියාව යුක්‍රේනයට චෝදනා කරමින් චෝදනා කළේ දිගු දුර ප්‍රහාරක ඩ්‍රෝන යානා 91 ක් සමඟ රුසියාවේ උතුරු නොව්ගොරෝඩ් කලාපයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිවසට පහර දීමට යුක්‍රේනය උත්සාහ කළ බවටයි. එවැනි වාතාවරණයක එක්සත් ජනපදය මැදිහත්වීමෙන් සිදු කරන යුක්‍රේන රුසියා සාම සාකච්ඡා නැවත සලකා බැලිය යුතු බවයි රුසියාව අවධාරණය කර සිටියේ.

යුක්‍රේනය සහ බටහිර රටවල්, ප්‍රහාරයට තැත් කළ බවට චෝදනා එල්ල වන රුසියාවේ වාර්තා ප්‍රතික්ෂේප කර සිටියා.

බදාදා එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයකින් පුටින් හෝ ඔහුගේ කිසිදු නිවසක් ඉලක්ක කර නොගත් බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක අංශ විසින් තහවුරු කරගත් බවයි.

සඳුදා රුසියාව මෙම ප්‍රහාර සැලසුම පිළිබඳ මුල්වරට හෙළි දරව් කළ අවස්ථාවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසුවේ යුක්‍රේනය එවැනි උත්සාහයක් ගැනීම තමාගේ දැඩි කෝපයට හේතු වූ බවකි. එහෙත් බදාදා වන විට ට්‍රම්ප් සමාජ මාධ්‍යවල නිව්යෝර්ක් පෝස්ට් කතුවැකියක් බෙදා ගනිමින් රුසියාව, යුක්‍රේන සාම ක්‍රියාවලියට බාධා සිදු කරන බවට චෝදනා එල්ල කළා.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...