2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාසල් පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කරන යෝජනාව හකුලා ගැනීමට රජය ඊයේ (01) තීරණය කරනු ලැබුවා.
එම නිවේදනය අනුව 2026 වසර තුල 5-13 ශ්‍රේණිය දක්වා වූ පාසල් කාලය පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා නොවෙනස්ව පවතී.
එමෙන්ම එක් කාලච්ඡේදයක් සඳහා වෙන් කළ වේලාව ද විනාඩි 45 ලෙස නොවෙනස්ව පවතිනවා.
රජය විසින් පාසල් කාලය දීර්ඝ කිරීමට සහ කාලච්ඡේදයකට වෙන් කරන වේලාව වෙනස් කිරීමට ගත් යෝජනාවලට සමාජයෙන් එල්ල වුණේ දැඩි විරෝධයකි. මෙම පියවර පැමිණෙන්නේ එම විරෝධය සමඟයි.
එහෙත් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව රජය මෙම පියවර ගෙන ඇත්තේ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
කෙසේ වුවත් එම හේතුව මත හෝ අදූරදර්ශීව ක්‍රියාත්මක කිරීමට ගිය එම තීරණ හකුලා ගැනීම පිළිබඳ බොහෝ දෙනෙක් රජයට ප්‍රශංසා කර තිබෙනවා.
ඒ එම තීරණය ප්‍රවාහන පහසුකම් හෝ කිසිදු යටිතල පහසුකමක් දියුණු නොකර ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව අපහසු බවට මත රැසක් පළවෙමින් පවතින පසුබිමකයි.
