යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, විසින් නීතිඥයකු හරහා රුපියල් බිලියනයක එන්තරවාසියක් යවා තිබෙනවා.

ඒ ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් තමාගේ නම සම්බන්ධ කර ගනිමින් යූ ටියුබ් නාලිකාවක් හරහා අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් මහජන කැළඹීමක් ඇතිවන ලෙස තොරතුරු වාර්තා කළ බවට චෝදනා කරමිනි.

මෙහි සඳහන් ප්‍රශ්නගත ඖෂධය ඇතුළු ඖෂධ 10ක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව එහි සඳහන් වෙනවා.

එසේ තිබියදී උක්ත නම් සඳහන් පුද්ගලයා විසින් යූ ටියුබ් හරහා අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ ජන ගත කරමින් සිටින බවත්, මෙම ඉල්ලීමට පටහැනිව කටයුතු කළහොත් මින් මතු කිසිදු දැනුම් දීමකින් තොරව නඩු පවරන බවත් එම එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වනවා.

නීතීඥ සම්පත් යාලෙවත්ත මගින් පසුගිය දෙසැම්බර් 27 වනදා මෙම එන්තරවාසිය යොමුකර තිබුණා.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...

යුක්‍රේනය පුටින්ගේ මන්දිරයකට පහර දීමට සැලසුම් කළ බවට ප්‍රබල සාක්ෂියක් හමුවේ

යුක්‍රේන හමුදාව මේ සතියේ රුසියානු ජනාධිපතිවරයාගේ මන්දිරයක් ඉලක්ක කරගත්...