හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම පිළිබඳ වගකිව යුතු පාර්ශවයන් විසින් එහි වගකීම භාර නොගන්නා පසුබිම තුළ තවදුරටත් ආන්දෝලනාත්මක වී තිබෙනවා.
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට එවැනි යෙදුමක් ඇතුළත් වීමෙන් පසු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේ කිසියම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් සිදුවී ඇති බව පවසමිනි.
එකී පැමිණිල්ල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, අදාළ සිදුවීමට අදාළව පැමිණිලි ඉදිරිපත් කළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.
අමාත්‍යවරයා අවධාරණය කළේ දැනට විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ල වුවද, නිසි විමර්ශනයක් මගින් කරුණු තහවුරු වන තෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
විශේෂයෙන්ම, මෙම මොඩියුලයේ සෝදුපත් බැලූ කණ්ඩායම ඇතුළු අදාළ අංශ කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බව ඔහු පවසා තිබෙනවා.
