ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

අහෝසි කිරීමෙන් පසුව නව සමාගම් හයක් යටතේ එහි කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව දැනට එම මණ්ඩලය සතු වත්කම් නව සමාගම් 6කට පවරනු ලබන අතර එම සමාගම් හයට දැනටමත් සේවකයින් අනුයුක්ත කර ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කිරීම පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ලංවිම සේවකයින් 2173 දෙනෙකු වන්දි මුදලක් ලබා දීමෙන් විශ්‍රාම ගැන්වීමට නියමිත බව ද අමාත්‍යාංශය පවසා තිබෙනවා. ඔවුන්ට හිමි වන්දි මුදල් පෙබරවාරි පළමු සතිය තුළ ගෙවීමට නියමිතය.

Latest News

error: Content is protected !!