සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යළි ඒකාබද්ධ වීමෙන් පසු පළමු වැඩ ඇල්ලීම ලෙස හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ සාගල රත්නායකට දැඩි ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඊට හේතුව මෙම බලවේග දෙකේම පොදු සතුරා සාගල වීමයි.
සාගල රත්නායක යනු පසුගිය කාල සීමාවේ පක්ෂ අභ්‍යන්තරයේ නිල නොවන නායකයා ලෙස හැසිරෙමින් පක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ පාලනය කළ චරිතය බව කිසිවකුට රහසක් නොවන්නකි.
ඔහු ජනාධිපතිවරයාගේ බලතලවලට මුවාවී වරප්‍රසාද රැසක් භුක්ති විඳි ආකාරය පසුගිය කාල සීමාවපුරාම දැකගන්නට ලැබුණා.
ජනාධිපති මාධ්‍ය අංශය පවා තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් භාවිත කළ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණකි. සියලු දෙනා අභිබවා පක්ෂයේ ඊළඟ නායකයා බවට පත් වීමට ඔහු පිඹුරුපත් සකස් කරමින් සිටි අතර පහුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධුරයට තරග කිරීමටද අපේක්ෂාවෙන් සිටියා.
ඔහු කණ්ඩායමේ වෙනත් කිසිවෙකුට හිස එසවීමට ඉඩක් නොදුන් අතර සියලු දෙනාගේ ප්‍රධාන හිසරදය බවට පත්ව සිටි පුද්ගලයාය. විශේෂයෙන් මෙම පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමෙන් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ කටයුතු වලටද ප්‍රධානම බාධකය වුණේ ඔහුයි.
නායකත්වයේ බලය අවභාවිත කරමින් වරප්‍රසාද රැසක් භුක්ති වින්ද අතර පසුගිය රජයේ ආන්දෝලාත්මක බාර් ලයිසන් නිකුත් කිරීමේ කටයුතු මෙහෙය වූ භූතයා වූයේද ඔහුය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පවා මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ චෝදනාවට ලක් වූ අතර එම ක්‍රියාවලිය හසුරවමින් සාගල විශාල ලෙස අක‍්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වුණා.
සජබ – එජාප එක් වීමෙන් පසු පක්ෂ දෙකම විනාශ කිරීමට මුල් වූ ඔහුගේ සියලුම වංචා දූෂණ හෙළිදරව් කරමින් සාගල අතුගා දැමීම මුල්ම රාජකාරිය කරගනු ඇතිබව විශ්වාසවන්ත දායක ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම සියලු කරුණු සලකා බලමිනි.
ඒ අනුව ඔහුගේ මූලිකත්වයෙන් එම ලයිසන් ලබා දුන් පුද්ගලයින් හා ඔහුන් ලබාගත් කොමිස් මුදල් කන්දරාව හෙළි දරව් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම පක්ෂය අභ්‍යන්තරයේ ඔහුගේ අණසක පැතිරවීම් අවසන් කරමින් ඔහු දේශපාලනමය වශයෙන් අතුගා දමනු ඇති බව වැඩිදුරටත් සඳහන් කළ හැකිය.
