නිලන්ති කොට්ටහච්චි යනු ජාතික ජන බලවේගය ආණ්ඩුව නැගී ආ කාලයේ කැපී පෙනුන චරිතයකි.
ඇය ජාතික ජන බලවේගය වේදිකාවට නැතුව බැරිවුණ ප්‍රධාන පෙළේ කතිකයෙකු බවට පත් වීමට වැඩි කල් ගියේ නැත. ඇය කෙටිකලකින් ජාතික ජන බලවේගයේ රිදී සීනුව ලෙස හැදින්වීමට පවා පටන් ගැනිණි.
පැවති රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඇගේ හඬ ප්‍රබල ලෙස ඉස්මතු වූ අතර රාජපක්ෂ ආණ්ඩුව උගන්ඩාව වැනි රටවල සැඟවූ වත්කම් නැවත රැගෙන ආයුතු බවටද ඇය හඬ නැගුවාය. ඒ නිසාම ඇයට උගන්ඩා කුමාරි ලෙස ද නම් පටබැඳුනාය.
එසේ හඬ නැගීමෙන් අයිතීන් දිනා ගැනීමට සටන් කළ යුතු බවට අප හමුවේ පාරම් බෑ නිලන්ති කොට්ටහච්චි මේ වන විට කියමින් සිටින්නේ වෙනම කතාවකි.
ඒ නිහඬතාවයේ අගය පිළිබඳවයි. ඇය උදා වූ නව වසරේ තැබූ ෆේස්බුක් සටහනක නිහඬතාවයේ අගය ගැන ලොකු කතාවක් කීමට උත්සහ කරන බව පෙනී යන්නේය.
දැන් ඇය කියන්නේ නිහඬ වීමෙන් ලැබෙන සතුට අන් කිසිවකින් දිනා ගත නොහැකි බවකි.
හඬ නැගීම හෝ නිහඬවීම ගැනලොකු කතා කීමට අප දන්නේ නැත. එහෙත් යම් පටලැවිල්ලක් පවතින බව නම් පැහැදිලිය.
පසුගිය කාල සීමාවේ වාර්තා ගත එක් දෙයක් වුණේ එක දිගට නාගන්නා නිලන්තිට කතා නොකරන ලෙසට පාලක පක්ෂයෙන් නියෝග ලැබී ඇති බවයි. හඬ නඟමින් සිටි නිලන්ති දේශපාලන වේදිකාවල හෝ රූපවාහිනී සංවාදවලින් අතුරුදන් වූයේ ඊට පසුවය.
නිහඬවීම එකකි. නිහඬ කරවීම තවත් එකකි. ඇය කියන මේ නිහඬතාවයේ අගය ගැන කතාව දෙස හොඳින් බලන්න. ඒ තුළ යම් වේදනාවක් ගැබ්ව ඇති ආකාරය හඳුනා ගත හැකිවනු ඇත.
නිලන්තිලා කුමක් හෝ බලවේගයකින් යටපත් කරමින් සිටින බවත් තමන්ගේ පක්ෂයතුළම යම් ආධිපත්‍යයකට යටත් වී කෙඳිරි ගාන ආකාරයත් ඔබට පෙනී යනු ඇත.
මේ ඇයගේ ෆේස්බුක් සටහනයි…
නිහඬතාව යනු සාමය නොවේ.
නිහඬතාව යනු සැනසීමද නොවේ.
නමුත් එය සාමය, සැනසීම ලෙස හඳුන්වන්නට අප පුරුදු වී ඇත.
ඒ අපගේම හදවත සුවපත් කිරීමට විනා අන් කවරක් පිණිස නොවේ.
අනෙකාගේ යහපත, සාර්ථකත්වය, සංහිඳියාව වෙනුවෙන් නිහඬවීමෙන් ලැබෙන නිරාමිස සතුට හඬ නැගීමෙන් කිසිසේත් දිනා ගත නොහැකි වනු ඇත.
එම නිසා අප අපෙන් ඉල්ලා සිටිය යුත්තේ සෑම විටම හඬ නැගීම නොවන බවත්, ඒ වෙනුවට අවස්ථාවෝචිතව නිහැඬියාව අලුත්වැඩියා කිරීම බවත් නව වසරේ උගත යුතුව ඇත.
නිහැඬියාවේ අලුත්වැඩියාව මානව හදවත සුවපත් කරයි.
