දකුණු පළාතේ වැලිගම යනු විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි. දීර්ඝ කාලයක් සිට සර්ෆින් ක්‍රීඩාවට ජනප්‍රියම නගරයකි.
එහි පිහිටා ඇති සියුම් වැලිතලාව නිසාම වැලිගම බොක්ක දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සඳහා දෙස් විදෙස් සංචාරකයින් අතර ආකර්ශනීයම වෙරළ තීරයකි.
මේ නිසා වැලිගම අවට ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත්තේ මෙම සංචාරක ව්‍යාපාරයයි.
නමුත් මේ වන විට වැලිගම පාලන අධිකාරිය විසින් ගාලු පාර සහ මුහුද වෙන්කරමින් ගල් වැටි ඇතිරීමට කටයුතු සූදානම් කරමින් පවතී. දැනටමත් එහි වැඩ කටයුතු ආරම්භ කරමින් ගල්වැටි අතුරන කලාපයේ මායිම් සලකුණු කිරීමට ඔවුන් කටයුතු කර අවසන් ය. එහෙත් ගල් දැමීම තාවකාලිකව නවතා දැමීමට සිදුවූයේ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතාවයක් ඊට එල්ල වූ බැවිනි.
සංචාරක ව්‍යාපාරයේ නියුතුව සිටින්නන් පවසන්නේ වඩදිය, බාදිය ඇතිවීමේදී ස්වභාවිකව මුහුදට ගලා ගෙන යන වැලි නැවත රළ මගින් වෙරළේ තැන්පත් වෙන බවයි.
නමුත් ගල්වැටියක් දමා තිබීම මගින් සිදුවන්නේ අදාල වැලි මුහුදට ගලා ගෙන ගොස් වලක් සෑදීමයි.
මෙම තත්ත්වය හේතුවෙන් යම්කිසි කාලයකදී අතුරන ලද ගල් වැටියේ ඇති ගල් මුහුදට ගලා ගෙන ගොස් සර්ෆින් ක්‍රීඩාව කිරීමට නොහැකි වෙරළ තීරයක් නිර්මාණය වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
මෙය ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී අක්‍රම් ඉල්ලියාස්ලාගේ පටු උවමනාවන් සාර්ථක කර ගැනීමට උපකාරී වන්නේ මෙතැනදීය. එනම් මේ කලාපය සරෆින් සඳහා නුසුදුසු වීමෙන් සංචාරකයින්ගෙන් ගිලිහී යාමයි.
අක්‍රම්ලාට බිකිනි හැඳගත් සංචාරකයින් ඇලජික්ය. අක්‍රම්ලාගේ උවමනාව බිකිනි හැඳගත් සුද්දියන් වෙනුවට කුර්තාව ඇඳගත් ෆාතිමාලා හවසට වැලිගම මුහුදේ වැල්ලේ ඇවිදගෙන යාම විය හැකිය.
වැලිගම ජනතාව පවසන්නේ ප්‍රථම වතාවට වැලිගමට ඇමති ධුරයක් ලබා ගැනීමට හැකි වූයේ තමන් ආගම් ජාති කුල භේද නැතුව ඡන්දය ප්‍රකාශ කළ නිසා බවයි.
තමන් ඡන්දය දුන්නේ අනුර කුමාර සහෝදරයාට බවත් මහ මැතිවරණයේදී ඔහුගේ නියෝජිතයන් වන අක්‍රම්ට සහ හඳුන්නෙත්තිට මනාප ප්‍රකාශ කළ බව ඔවුන් සඳහන් කරනවා.
ආණ්ඩුව පත් වී පළමුව කළේ තමන්ට ඡන්දය දුන් ත්‍රීවිල් රියදුරන්ට හිරිහැර කිරීමයි. මේ මොහොත වන විට විදේශීය සංචාරකයන්ගෙන් යැපෙන අහිංසක ජනතාව ඉලක්ක කොට ඇත.
අනුර සහෝදරයාට දීපු ඡන්දය ගැන දැන් ඒ මිනිසුන් තුළම ප්‍රශ්න කෝටියක් මතු වී තිබේ. ඒ මාලිමා මැති ඇමතිවරුන්ගේ මෙවැනි උද්දච්ච හිතුවක්කාර ක්‍රියා කලාපයන් නිසාය.
එම ක්‍රියාකලාපය තුළ අනුර ගැන තිබූ විශ්වාසයත් නැත්තටම නැතිවීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.
