වෙනිසියුලාවට එරෙහි අමෙරිකාවේ හමුදා ආක්‍රමණය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකී

අමෙරිකා එක්සත් ජනපදය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීමෙන් සිදුකළ හමුදා කුමන්ත්‍රණය හෙළා දකින බව මෙරට පාලක පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කර තිබෙනවා.

ලොව සෑම රටකම පාලකයන් කවුදැයි තීරණය කිරීම එම රටේ ජනතාවට හිමි පරමාධිපත්‍යය බලය බවත් එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට හැකියාවක් නැතැයි එම නිවේදනයේ සඳහන් වෙනවා.

කුමන හේතුවක් මත හෝ ඒවා උල්ලංඝනය කරමින්, රටවලට හමුදාමය මැදිහත්වීම් හෝ ආක්‍රමණ සිදු කිරීම නූතන සභ්‍ය ලෝකය තුළ සාධාරණ වන්නේ නැත.

එවැනි තත්වයක් තුළ එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කළ බලහත්කාරී හමුදාමය මැදිහත්වීම ලොව කිසිවෙකුත් අනුමත නොකරන අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එම නිවේදනය වැඩිදුරටත් මෙසේය.

මාධ්‍ය නිවේදනය..

ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින්, එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම අපි තරයේ හෙළා දකිමු.

ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් කවුරුන් දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, එරට ජනතාවටය. එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නැත.
නූතන සමාජයත්, රාජ්‍ය පාලනයත්, වඩාත් ශිෂ්ටසම්පන්න විය යුතු බව පොදු පිළිගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, රාජ්‍යයන්ගේ නිදහස සහ ස්වාධීනත්වය ලොවම පිළිගන්නා මූලධර්මයන්ය. කුමන හේතුවක් මත හෝ ඒවා උල්ලංඝනය කරමින්, රටවලට හමුදාමය මැදිහත්වීම් හෝ ආක්‍රමණ සිදු කිරීම නූතන සභ්‍ය ලෝකය තුළ සාධාරණ වන්නේ නැත.

එවැනි තත්වයක් තුළ එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කළ බලහත්කාරී හමුදාමය මැදිහත්වීම ලොව කිසිවෙකුත් අනුමත නොකරන බව අපි දැඩිව විශ්වාස කරමු.

එබැවින්, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද මෙම හමුදාමය ආක්‍රමණය හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2026.01.04

Latest News

More like this

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...

නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාවට භාර දෙන්න… ජනපති අනුර

මෙවර 2026 වසරට අදාළව අයවැය ප්‍රති­පා­දන යටතේ ක්‍රියා­ත්මක කිරී­මට...

ට්‍රම්ප්ගේ ඊලඟ ඉලක්කය… ග්‍රීන්ලන්තය බියෙන් සලිත වෙයි

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු එක්සත් ජනපදයේ...