අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ නිල ස්ථාවරය විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව ඔහු පැහැදිලි කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට අනුකූලව ජ්‍යාත්‍යන්තර නීතිවලට අනුකූලව යම්‍ රටක ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවයි ඔහු පෙන්වාදුන්නේ.

විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුරදීය.

එහිදී මාධ්‍යවේදීන් අමාත්‍ය විජිත හේරත්ගෙන් වැඩිදුරටත් විමසා සිටියේ රජයේ ස්ථාවරය ජනතා විමුක්ති පෙරමුණ මේවන විට නිකුත් කර ඇති ස්ථාවරයමද බවයි.

එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය විජිත හේරත් පැවසුවේ පක්ෂවලට වෙන වෙනම මතදැරිය හැකි බවකි. තමන් ඉදිරිපත් කළේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රජයේ ස්ථාවරය බව ඔහු කියා සිටියා.

Latest News

error: Content is protected !!