නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය උද්ගත වූ අවස්ථාවේම ප්‍රශ්න ගත මොඩියුලය සීල් තැබු බව අධ්‍යාපන ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසා තිබෙනවා.
ගැටලුව දැනගත් වහාම අදාළ සියලු මොඩියුල වහා සීල් කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව ඒවා කිසිවක් දරුවන් අතට යා නොහැකි බව ඇය අවධාරණය කරනු ලැබුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04)පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුරදීය.
සිදුවීම සම්බන්ධයෙන් මෙවන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර විමර්ශනය සිදුකෙරෙමින් ඇති බවත් පැවසූ ඇය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වරදකරුවන් හඳුනාගත හැකි වනු ඇති බවද කියා සිටියා.
ප්‍රශ්නගත මොඩියුලය ගුරුවරුන් සඳහා දින කිහිපයක් පුහුණු කිරීම් සිදු කරන ලද බවද පැවසූ ඇය ඒ කිසිදු අවස්ථාවක මෙම ගැටලුව මතු නොවීම ප්‍රශ්නයක් බවයි සඳහන් කළේ.
ඇය වැඩිදුරටත් එහිදී මෙසේ සඳහන් කර තිබෙනවා.
“අපට සැකයක් තියෙනවා. මොකද මේකට විරුද්ධ අය සමාජගත කරන්න හැදුව යම් කතාවක් තියෙනවා. ඒකට ගැළපෙන විදියේ දෙයක් සිද්ධ වුණු එක ගැන අපට යම් සැකයක් තියෙනවා. ඒකයි අපි මේක CIDයට බාර දුන්නේ අපි හිතනවා CIDය හරි පරීක්ෂණයක් කරලා අපට තොරතුරු ලබාදෙයි කියලා එතකල් අපි විවෘත මනසකින් බලනවා”
