අගමැති හරිනි ඉලක්ක කර අපහාස උපහාස එපා.. රජය සාමුහිකව ඇය පිටුපසින් හිටගන්නා බව විජිත කියයි

විවිධ පාර්ශවයන් විසින් මේ වන විට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉලක්ක කරමින් පතුරුවා හරින විවිධ අපහාස උපහාසයන් රජය සම්පූර්ණයෙන් බැහැර කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අග්‍රාමාත්‍යවරියගේ හුදෙකලා තීරණයක් නොවන බවත් රජයේ සාමූහික ප්‍රයත්නයක් බවයි ඔහු එහිදී සඳහන් කළේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අලුත් සමාජයට ගැළපෙන හා අනාගතයට මුහුණ දිය හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා සද්භාවයෙන් යුතුව ආගමික නායකයින්, විද්වතුන් හා විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇති ආචාර්ය මහාචාර්යවරුන්ගේ මඟ පෙන්වීම අනුව නිර්මාණය කරනු ලැබූවක් බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

Latest News

error: Content is protected !!