පොත් ලක්ෂ හතරක් අච්චු ගහලා පිටු ලක්ෂ අටක් කඩනවා.. ආණ්ඩුව වැටුණු තැනක්.. රාජිත

වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය පාසල් පෙළපොත් මුද්‍රණයෙන් අනාවරණය වූ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

රජයට චෝදනා කරමින් ඔහු පවසන්නේ වර්තමාන ආණ්ඩුව පෙළ පොතක් මුද්‍රණය කරගත නොහැකි තත්ත්වයට ඇද වැටී ඇති බවයි.

එම අසාර්ථකත්වය තුළ පෙළපොත් ලක්ෂ හතරක් මුද්‍රණය කර පිටු දෙක බැගින් පිටු ලක්ෂ අටක් කැඩීම දැන් ආරම්භ කර ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

මෙම නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව හිරු දෙරණ වැනි මාධ්‍ය ආයතන තහනම් කිරීමට කටයුතු කරමින් සිටින බවද හිටපු අමාත්‍යවරයා පවසා තිබෙනවා.

පෙර ආණ්ඩු සමයේ සියලු වැරදි දේශපාලකයන්ට පැටවුව ද වර්තමාන ආණ්ඩුව යටතේ සියලු වැරදි රාජ්‍ය නිලධාරීන් පිට පටවමින් ආණ්ඩුව අත පිසදා ගන්නා බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...