බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන් මේ වන විට යළිත් ඔහු දේශ ද්‍රෝහියකු ලෙස හංවඩු ගසමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

එම මාධ්‍ය වාර්තාවලට අනුව ඊට හේතුව වන්නේ ඔහුගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම වන කොල්කටා නයිට් රයිඩර්ස් වෙත බංගලාදේශ වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුස්තාෆිසුර් රහ්මාන් ඇතුළත් කර ගැනීමයි.

මේ අනුව බංගලාදේශය සහ ඉන්දියාව අතර පවතින දේශපාලන ආතතීන් ක්‍රිකට් පිටිය කරාද විහිදී යමින් තිබෙනවා.

මුස්ලිම් ජාතිකයෙකු වන ෂාරුක්ට නම් මේ විරෝධය අලුත් දෙයක් වන්නේ නැහැ. ෂාරුක්, සල්මන් ඛාන් සහ අමීර් ඛාන් යන මුස්ලිම් චිත්‍රපට තරු ත්‍රිත්වයම විටින් විට හින්දු විරෝධී, පකිස්තාන හිතවාදීන් ලෙස විවේචනයන්ට ලක්වූ අවස්ථා බොහෝය.

ඉන්දීය රංගන පුරාවෘත්තයක් වන දිලිප් කුමාර්ට පවා එම විවේචනයන්ගෙන් ගැලවීමට හැකි වුණේ නැහැ.

2026 IPL වෙන්දේසියේදී ෂාරුක් විසින් මුස්තාෆිසුර් මිලදී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් මිලියන 92 කටය.

ක්‍රිකට් විශ්ලේෂකයින් නම් මෙම පියවර උපායශීලී පියවරක් ලෙසයි සලකන්නේ. එහෙත් බංගලාදේශය හා ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් නිසා එම තෝරාගැනීමට ලැබුණු ප්‍රතිචාර සුබවාදී වුණේ නැහැ.

බංග්ලා­දේ­ශය තුළ හින්දු භක්ති­ක­යන්ට එරෙ­හිව ම්ලේච්ඡ ක්‍රියා පසුගිය සති කිහිපයේ උත්සන්න වු අතර හින්දු භක්තියෙකු පණ පිටින් පිළිස්සූ බවට ද චෝදනා එල්ල වුණා.

තවද මුස්තා­ෆි­සුර්ට ගෙවී­මට සූදා­නම් වූ රුපි­යල් කෝටි 9.2ක ගාස්තුව එම මිලේච්ඡ් ක්‍රියා හේතුවෙන් ඝාතනයට ලක් වු හින්දු භක්තිකයන් සඳහා ලබා දෙන ලෙස හින්දු ආධ්‍යා­ත්මික නාය­ක­යකු වන දේව්කි­න­න්දන් තාකූර් ෂාරුක් ඛාන්ගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

එමෙන්ම භාර­තීය ජනතා පක්ෂ නායක සංගීත් සෝම් ද ෂාරුක් ඛාන්ව ප්‍රසි­ද්ධි­යේම වි‍වේච­නය කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!