මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන් පසු ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම් සැලකිය යුතු ලෙස අඩු කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජනපදය ඉන්දියාව මත තීරු බදු “ඉතා ඉක්මණින්” ඉහළ නැංවිය හැකි බවට ට්‍රම්ප් ඉකුත් දා අනතුරු අඟවා තිබුණා.

ඇමරිකානු හමුදා වෙනිසියුලාවේ කැරකස් හි ප්‍රහාර දියත් කර ඔවුන්ගේ නායක නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසුව ට්‍රම්ප් මේ වන විට පවසන්නේ ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම්‍ යම් තාක් දුරට අඩු කර ඇති බවයි.

ට්‍රම්ප් එයාර් ෆෝස් වන් යානයේ දී වාර්තාකරුවන් අමතමින් මෝදි ඉතා හොඳ මිනිසෙක් බවත් ඔහුට තමන්ව සතුටු කිරීමට අවශ්‍ය වූ බවත් ප්‍රකාශ කර තිබෙනවා.

“මාව සතුටු කිරීම වැදගත්. නැතිනම් වෙළඳාම් කරන අතරතුර අපට තීරුබදු ඉතා ඉක්මණින් වැඩි කළ හැකියි” ඔහු සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප් ඉන්දියාවට තීරුබදු දෙගුණ කිරීම ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර සබඳතා පළුදු වීමට හේතු වුණා.

ඉන් පසු ඉන්දියාව රුසියාව සමඟ සබඳතා පුළුල් කරමින් ඔවුන්ගේ තෙල් මිලදී ගැනීම හා වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය, මේ වන විට පවසන්නේ ඉන්දියාව පැනවූ සියයට 50ක තීරු බද්ද හේතුවෙන් නවදිල්ලිය රුසියානු තෙල් මිලදී ගැනීම සැලකිය යුතු ලෙස අඩු කර ඇති බවයි.

එක්සත් ජනපද සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් මේ බව තහවුරු කරමින් පසුගිය මාසයේ එක්සත් ජනපදයේ ඉන්දීය තානාපති විනයි මොහාන් ක්වාත්‍රා ද රුසියානු තෙල් අඩුවෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් තමා සමඟ කතා කළ බව පවසා තිබෙනවා.

එහිදී ඔහු ඉල්ලා ඇත්තේ රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා දඬුවමක් ලෙස පනවන ලද සියයට 25 ක තීරුබදු නැවත ලිහිල් කර දෙන ලෙසයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ අඛණ්ඩ රුසියානු තෙල් ආනයනය සහ BRICS සහභාගීත්වය නිසා කලකිරී සිටි ට්‍රම්ප් පරිපාලනය, අගෝස්තු 1 වන දින ප්‍රථමයෙන් ඉන්දියානු භාණ්ඩ සඳහා 25% ක තීරුබදුවක් පැනවූ අතර පසුව 2025 අගෝස්තු 27 සිට බලපැවැත්වෙන පරිදි එය 50% දක්වා දෙගුණ කරනු ලැබුවා.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...

නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාවට භාර දෙන්න… ජනපති අනුර

මෙවර 2026 වසරට අදාළව අයවැය ප්‍රති­පා­දන යටතේ ක්‍රියා­ත්මක කිරී­මට...