වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කණස්සල්ලට පත්ව සිටින අතර තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාව වෙනිසියුලාවේ ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන බව ද එහි සඳහන් වෙනවා.

සංවාදශීලීව සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය දෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව නිවේදනයේ සඳහන්ය.

මෙම තීරණාත්මක අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයතන මෙම කාරණය භාරගෙන වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ස්වෛරී අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින් සාමකාමී යෝජනාවක් කරා කටයුතු කිරීම වැදගත් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Latest News

More like this

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...

අමෙරිකාව වෙනිසියුලාවේ බලය අල්ලයි.. පැහැරගත් ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් සිර ගෙදරට

අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරනු ලැබූ මහා පරිමාණ...