වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපද හමුදා විසින් හමුදා මෙහෙයුමකින් නිකලොස් මදුරෝ අල්ලා ගැනීමෙන් දින දෙකකට පසුවය.

කරාකස් අගනුවර මෙම වෙඩි තැබීමෙන් පසු යළිත් දෙදරා ගිය බව වාර්තා පවසනවා.

සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් වාර්තා පවසන්නේ වෙනිසියුලාවේ දේශපාලන බලයේ සංකේතාත්මක හදවත වන මිරාෆ්ලෝරස් මාලිගය අසල එරට වේලාවෙන් රාත්‍රී 8:00 ට පමණ එම වෙඩි තැබීම් සිදු වූ බවයි.

AFP වාර්තාවලට අනුව තත්ත්වය ඉක්මණින්ම පාලනය කළ බව රජයේ මූලාශ්‍ර සඳහන් කර තිබෙනවා.

හඳුනා නොගත් ඩ්‍රෝන යානා මාළිගා සංකීර්ණයට ඉහළින් පියාසර කරන බව දක්නට ලැබුණු බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

ආරක්ෂක හමුදා එම යානා දෙසට වෙඩි තැබීම් සිදු කර ඇත්තේ ඒ අනුවයි.

මදුරෝගේ උප ජනාධිපති ලෙස කටයුතු කළ ඩෙල්සි රොඩ්‍රිගස් අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දී පැය කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තා වුණා.

මදුරෝ ග්‍රහණයට ගත් සෙනසුරාදා අලුයම ඇති වූ දරුණු ප්‍රහාරය තරම් මෙම ප්‍රහාරය දරුණු නොවන බව ද වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...

නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාවට භාර දෙන්න… ජනපති අනුර

මෙවර 2026 වසරට අදාළව අයවැය ප්‍රති­පා­දන යටතේ ක්‍රියා­ත්මක කිරී­මට...