පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ ප්‍රශංසාව, ගෞරවය හා සහයෝගය ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජනපති සටනේ පොරොන්දුවක් ලෙසත් එම පොරොන්දුව ඉටු කිරීමේ කිසිදු වරදක් තමා නොදකින බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම තමා මන්ත්‍රී ධුරය දරන සමයේ මන්ත්‍රී දීමනාව පවා ලබා නොගෙන ඒවා ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ අයෙකු ලෙසත් මන්ත්‍රී විශ්‍රාම වැටුපක් ලබා ගැනීම අනුමත නොකරන බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියා.
“මම දන්න තරමින් මේ ලෝකේ කිසිම රටක මන්ත්‍රීවරයෙක්ට අවුරුදු පහකින් විශ්‍රාම වැටුපක් ගෙවන්නෙ නැහැ. අනෙකුත් වෘත්තීන්වලදි අවුරුදු 50ක්, 55ක්, 20 ක්, 30ක් විතර වැඩ කරන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් කියන්නෙ ගරු වෘත්තියක්. ජනතාවට සේවය කරන්න තමයි මේ වෘත්තියට එන්නේ. මන්ත්‍රීවරයෙක් විදියට අවුරුදු පහක් වරදාන වරප්‍රසාද ලබාගෙන,කෑම බීම ඇතුළු සියලු දීමනා ලබාගෙන ජනතා බදු මුදලින් නඩත්තු වෙලා විශ්‍රාම වැටුපත් ලබා ගැනීම සුදුසු නෑ කියලයි මම හිතන්නේ.
පහුගිය කාල සීමාවේ අපි දැක්කා දින තුනක් මන්ත්‍රී ධුරය දරපු කෙනෙකුත් සියලු වරදාන වරප්‍රසාද ලබා ගත්තා. ඒ නිසා මම හිතනවා මේක නොලැබිය යුතුදෙයක්.. මම මෙයට පක්ෂයි..”
