මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ රොස්මිඩ් වලව්ව කේන්ද්‍ර කරගනිමින් යළි දේශපාලන වෙනසක සේයාවක් මතු වෙමින් පවතින බවට වාර්තා පළ වෙමින් පවතී.
වාර්තා වන ආකාරයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පදිංචිය සඳහා රොස්මිඩ් නිවසට යළි පැමිණීමට නියමිතය.
මාළිමා රජය බලයට පත් වී විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම හා නිල නිවාසවලින් ඔවුන් පළවා හැරීමත් සමඟ හිටපු ජනපතිනිය චන්ද්‍රිකාට ද ටොරින්ටන් හි ඇය ජීවත් වූ නිල නිවසින් ඉවත් වී යාමට සිදු වුණා.
චන්ද්‍රිකා මැතිනිය ඇයගේ මහගෙදර වන රොස්මිඩ් පෙදෙසේ පිහිටා ඇති නිවස වෙත යළි පැමිණීම සිදුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. වාර්තාවලට අනුව ඇයගේ සොහොයුරිය සුනේත්‍රා බණ්ඩාරනායක හා ඇයට සම අයිතිය පවතින රොස්මිඩ් නිවසේ භාරකාරත්වය චන්ද්‍රිකා මැතිනිය වෙත පැවරීමට ඇගේ සොයුරිය කැමැත්ත පළකර තිබෙනවා.
මේ අනුව ඉදිරියේදී රොස්මිඩ් වලව්ව මෙරට සිදුවීමට නියමිත බල මාරුවීමක මූලස්ථානය වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් දේශපාලනය තුළ ඇය සක්‍රීය වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන කරුණකි. රොස්මිඩ් වෙත පැමිණීමත් සමඟ එම කටයුතු තවදුරටත් විධිමත් ආකාරයෙන් සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන් ඒ සමඟ ඇයට සමීප දේශපාලන කණ්ඩායම්වලට හා බලවේගවලට යළි රොස්මිඩ් වලව්වේ දොර විවර වනු ඇති බව ආරංචි මාර්ග පවසනවා.
අගමැතිනියක්, අගමැතිවරයෙක් හා විධායක ජනාධිපතිනියක් බිහි වු රොස්මිඩ් නිවස මේ අනුව අනාගත ජනාධිපතිවරයෙකුට ද තිඹිරිගෙය වීමට නියමිතය.
වාර්තාවන ආකාරයට ඒ මැතිනියගේ පුත් විමුක්ති කුමාරණතුංග වීමේ සම්භාවිතාව ද ඉහල මට්ටමක පවතී.
