විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ පව­ත්වන ලෙස බංග්ලා­දේශ ක්‍රිකට් මණ්ඩ­ලය කළ ඉල්ලී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය (ICC) විරු­ද්ධ­ත්ව­යක් නොමැති බව Cricbuzz වෙබ් අඩ­විය ඊයේ (06) වාර්තා කරනු ලැබුවා.

බංග්ලා­දේ­ශයේ තරග ශ්‍රී ලංකාවේ සම සත්කා­ර­ක­ත්ව­යට මාරු කිරී­මට අයි­සී­සීය තීර­ණය කළ­හොත් තරග කාල­ස­ට­හනේ යම් වෙන­ස්කම් කිරී­මට සිදු­විය හැකි අතර එය ඉදිරි දින කිහි­පය තුළ අව­සන් වනු ඇතැයි සඳ­හන් වෙනවා.

බංගලාදේශ ක්‍රිකට් මණ්ඩලය මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ ඉන්දීය රුපි­යල් කෝටි 9.2කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 31කට) මිලදී ගත් කොල්කටා නයිට් රයි­ඩර්ස් ක්‍රීඩක මුස්තා­ෆි­සුර් රහ්මාන් ඉවත් කිරී­මට ඉන්දීය ක්‍රිකට් මණ්ඩ­ලය නියෝ­ග­යක් නිකුත් කිරී­මෙන් දෙරට අතර, ක්‍රිකට් අර්බු­දය උත්සන්න වීමත් සමඟයි.

ඉන්දීය ක්‍රිකට් මණ්ඩ­ලයේ මේ තීර­ණ­යට කිසිදු තාර්කික හේතු­වක් නොමැති බවත්, එවැනි තීර­ණ­ය­කින් බංග්ලා­දේශ ජන­තා­වට රිද­වීම, කම්ප­න­යට පත්වීම හා කෝප­යට හේතු වූ බව එරට මාධ්‍ය සඳ­හන් කරනු ලැබුවා.

මේ අතර බංග්ලා­දේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තා­ෆි­සුර් රහ්මාන් ඉවත් කිරී­මට ප්‍රති­චාර වශ­යෙන් බංග්ලා­දේ­ශය තුළ ඉන්දීය ප්‍රීමි­යර් ලීග් තරග විකා­ශය තහ­නම් කිරී­මට එරට තොර­තුරු හා විකා­ශන අමා­ත්‍යාං­ශය ඊයේ (06) නියෝග කර තිබුණා..

ඒ අනුව එළැ­ඹෙන මාර්තු 26 වැනිදා සිට පැවැ­ත්වෙන අයි­පී­එල් ක්‍රිකට් තර­ගා­ව­ලිය තහ­නම් කළ පළමු රට බවට බංග්ලා­දේ­ශය පත්ව තිබෙනවා. එය ලොව පුරා රට­වල් 80කට අධික සංඛ්‍යා­වක විකා­ශය වීමට නියමිතය.

Latest News

error: Content is protected !!