විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ පව­ත්වන ලෙස බංග්ලා­දේශ ක්‍රිකට් මණ්ඩ­ලය කළ ඉල්ලී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය (ICC) විරු­ද්ධ­ත්ව­යක් නොමැති බව Cricbuzz වෙබ් අඩ­විය ඊයේ (06) වාර්තා කරනු ලැබුවා.

බංග්ලා­දේ­ශයේ තරග ශ්‍රී ලංකාවේ සම සත්කා­ර­ක­ත්ව­යට මාරු කිරී­මට අයි­සී­සීය තීර­ණය කළ­හොත් තරග කාල­ස­ට­හනේ යම් වෙන­ස්කම් කිරී­මට සිදු­විය හැකි අතර එය ඉදිරි දින කිහි­පය තුළ අව­සන් වනු ඇතැයි සඳ­හන් වෙනවා.

බංගලාදේශ ක්‍රිකට් මණ්ඩලය මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ ඉන්දීය රුපි­යල් කෝටි 9.2කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 31කට) මිලදී ගත් කොල්කටා නයිට් රයි­ඩර්ස් ක්‍රීඩක මුස්තා­ෆි­සුර් රහ්මාන් ඉවත් කිරී­මට ඉන්දීය ක්‍රිකට් මණ්ඩ­ලය නියෝ­ග­යක් නිකුත් කිරී­මෙන් දෙරට අතර, ක්‍රිකට් අර්බු­දය උත්සන්න වීමත් සමඟයි.

ඉන්දීය ක්‍රිකට් මණ්ඩ­ලයේ මේ තීර­ණ­යට කිසිදු තාර්කික හේතු­වක් නොමැති බවත්, එවැනි තීර­ණ­ය­කින් බංග්ලා­දේශ ජන­තා­වට රිද­වීම, කම්ප­න­යට පත්වීම හා කෝප­යට හේතු වූ බව එරට මාධ්‍ය සඳ­හන් කරනු ලැබුවා.

මේ අතර බංග්ලා­දේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තා­ෆි­සුර් රහ්මාන් ඉවත් කිරී­මට ප්‍රති­චාර වශ­යෙන් බංග්ලා­දේ­ශය තුළ ඉන්දීය ප්‍රීමි­යර් ලීග් තරග විකා­ශය තහ­නම් කිරී­මට එරට තොර­තුරු හා විකා­ශන අමා­ත්‍යාං­ශය ඊයේ (06) නියෝග කර තිබුණා..

ඒ අනුව එළැ­ඹෙන මාර්තු 26 වැනිදා සිට පැවැ­ත්වෙන අයි­පී­එල් ක්‍රිකට් තර­ගා­ව­ලිය තහ­නම් කළ පළමු රට බවට බංග්ලා­දේ­ශය පත්ව තිබෙනවා. එය ලොව පුරා රට­වල් 80කට අධික සංඛ්‍යා­වක විකා­ශය වීමට නියමිතය.

Latest News

More like this

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...