ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රිසි විෂය මොඩියුලය පිළිබඳ ගැටලුව මුල් කර ගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන ඇමතිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී යෝජනා කරන ලද්දක් බවයි වර්තා වන්නේ.
ඊයේ (06) සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ඒ සඳහා එකඟතාවය හිමි වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසා තිබෙනවා.
ඒ අනුව ද (07) දිනයේ විශ්වාස භංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කරන බවත් මේ සතිය තුල එම යෝජනාව කතානයකවරයාට භාර දීමට නියමිත බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
