මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින් නැවිය හැකි වේවැලක් කරගත යුතුයැයි වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ද නිසි පරිදි රට පාලනය කිරීමට නම් එවැනි ක්‍රම අනුගමනය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජික විමල් වීරවංශ පවසා තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලහිරු මුදලිගේ සමඟ යූ ටියුබ් අවකාශයේ සංවාදයකට එක් වෙමිනි.

එහිදී හිටපු අමාත්‍ය වීරවංශ පවසන්නේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතුව මහජන ගෞරවය බිඳී යාම කෙරෙහි ජනතා විමුක්ති පෙරමුණ විසින් විශාල භූමිකාවක් කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ 225ම එපා යන සටන් පාඨය නිර්මාණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය නැති කිරීමට ඔවුන් විශාල කාර්ය භාරයක් කළ බවත් මේ වන විට පාරාවළල්ලක් වී ඇත්තේ එම ක්‍රියාකලාපය බව ඔහු පෙන්වා දී තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ පරිපාලන දුර්වලතාවයන්ට මූලිකම හේතුව මාළිමා ආණ්ඩුවට රාජ්‍ය පරිපාලනය පිළිබඳ අත්දැකීම් නොමැතිවීමයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පවා ඉගැන ගැනීමට දේවල් පවතින බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී උදාහරණයක් දෙමින් විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ එක්තරා අවස්ථාවක ආණ්ඩුවට දැඩි ලෙස ප්‍රහාර දෙන විශේෂයෙන් රාජපක්ෂ පවුලට විශාල හිසරදයක් වූ එක්තරා විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ කැබ් රථයක් තුළ ගංජා තොගයක් තිබී හමුවූ අවස්ථාවේ ඔහු නීතියේ රැහැනට හසුකර නොගෙන නැවත නොකරන ලෙසට උපදෙස් දී අත හැරීමට හිටපු ජනපති මහින්ද නීති අංශවලට උපදෙස් ලබා දුන් බවයි.

එම අවස්ථාවේ මහින්ද ජනාධිපතිවරයා “ඕකට නීතිය ක්‍රියාත්මක කළොත් 225 ගැනම මිනිස්සු එහෙම හිතයි. ඒ නිසා අත ඇරලා දාන්න” යනුවෙන් උපදෙස් දී ඇති බවයි විමල් වීරවංශ පවසන්නේ.

ඒ අනුව ඔහු වත්මන් ජනාධිපතිවරයාටද එවැනි තීරණගත යුතු බව අදාළ සංවාදය අතරතුර පවසන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාව අනුමත කරමිනි.

විමල් වීරවංශ මහතා මෙම සංවාදය අතරතුර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව සිය පැරණි මිතුරා අනුර සමඟ කිසිම අවස්ථාවක කතා කර නොමැති බවයි. එමෙන්ම තමා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීම පිටුපස අනුර ප්‍රබල භූමිකාවක් සිදු කළ බවත් මේ වන විටත් ඔහු තුළ තමා ගැන වෛරයක් ඇති බව විශ්වාස කරන බවයි ඔහු පවසන්නේ.

Latest News

More like this

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...