සෙවණැලි බැංකු පද්ධතියක් (Shadow Banking) බිහිවීමේ අවධානමක්.. ෆයිසර් මුස්තෆා අනතුරු අඟවයි

යෝජිත වරාය නගර කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත මගින් මෙරට දේශීය ආර්ථිකය අස්ථාවර කළ හැකි ක්‍රමවේදමය අවදානමක් (Systematic Risk) නිර්මාණය වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆා ප්‍රකාශ කර තිබෙනවා.

පනතේ 421 වගන්තිය යටතේ, මෙතෙක් වරාය නගරයේ විදේශීය බැංකුකරණ කටයුතු (Offshore Banking) සඳහා බලපැවැත් වූ බැංකු පනතේ විධිවිධාන ඉදිරියේදී අදාළ නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඊයේ (07) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමිනි.

ඒ අනුව මීට පෙර බැංකු පනත යටතේ මහ බැංකුව විසින් නිකුත් කළ බැංකු බලපත්‍ර, මෙම සංශෝධනයෙන් පසු වරාය නගර කොමිෂන් සභාව හරහා නිකුත් කිරීමට නියමිතය.

එවැනි බලපත්‍ර නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් කොමිසමට තිබේදැයි ප්‍රශ්න කළ ෆයිසර් මුස්තෆා, මේ හරහා ‘සෙවණැලි බැංකු පද්ධතියක්’ (Shadow Banking System) නිර්මාණය විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම, වරාය නගරයේ ක්‍රියාත්මක වන විදේශීය බැංකුවලට මෙරට දේශීය බැංකුවලින් ඩොලර් ණයට ගැනීමට අවස්ථාව ලැබීම හරහා මෙරට විදේශ විනිමය සංචිතයට මෙන්ම දේශීය බැංකු පද්ධතියට ද විශාල බලපෑමක් එල්ල විය හැකි බව ඔහු අවධාරණය කර සිටියා.

නව සංශෝධනය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පමණක් සැලකීම තුළින් යම් අපැහැදිලි තත්ත්වයක් උදාවන බව ඔහු තවදුරටත් සඳහන් කළා. මෙහිදී බලපත්‍ර නිකුත් කිරීමේ බලය කොමිසමට ලබාදී මහ බැංකුවේ භූමිකාව සීමා කිරීම බැංකු පද්ධතියට අහිතකර ලෙස බලපානු ඇති බවයි ඔහු පෙන්වාදුන්නේ.

වරාය නගරයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර පත් කිරීම පිළිබඳව සුබ පතමින් කතාව ආරම්භ කළ මන්ත්‍රීවරයා, ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වසර හතරක් තිස්සේ පත් කර නොමැති වීම පිළිබඳව ද රජයට දෝෂාරෝපණය කරනු ලැබුවා.

Latest News

More like this

රාජ්‍ය ණය බර අඩුවෙලා

2025 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට රජය ගෙවිය...

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික...

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...