හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දිනයේ සිට රාජ්‍ය පාලනය කිරීම පසෙකලා හෙණ ගහනකොට මිදුලට වීසි කරනා අලවංගුවක් වීමට සිදු වූ බව කිසිවෙකුට රහසක් නොවේ.

මැති ඇමතිවරු නාන නාන වාරයක් පාසා ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදු වූ අතර ආණ්ඩුව මේ තරම් දුරක් ආවෙත් ඒ බැලන්ස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

එහෙත් අග්‍රාමාත්‍ය හරිනි වෙනුවෙන් ජනපති අනුර මේතාක් නිහඬය. හරිනිගේ ජාතික අපරාධයක් බදු අතපසුවීම හේදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් නොවන වාතාවරණයක ඇයව සාධාරණීකරණය කිරීමට ඉදිරිපත්වුණේ වෙනම සෙට් එකකි. විදේශ අමාත්‍ය විජිත හේරත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඇතුළු තුන් හතර දෙනෙක් ඉදිරියට ආවත් ඔවුන්‍ට ද එය හෝදා ඉවරයක් කරගන්න බැරිවුණි.

අවසානයේ දැන් හරිනිට ඇගේ ලේකම්ලාකිහිප දෙනෙකු සමඟ මොඩියුල ටික උස්සාගෙන මහනායක හිමිවරුන් ගාව දණ ගාන්නට වී තිබේ.

ඒත් අනුර නිහඬය.

සිය කණ්ඩායම වෙනුවෙන් ඕනෑම මොහොතක පෙරට ආ ඔහු මෙසේ නිහඬවී සිටින්නේ එම සිදුවීම කිරිකළ හතකින් නෑව්වද සෝදා අහවර කිරීම කළ නොහැක්කක් බව වැටහී ඇති නිසාද?

ගෝල බාලයින්ගේ එකින් එක දෝෂ නිවැරදි කිරීමට ඉදිරියට ඒමෙන් ඔහුගේ වචනයට පවතින බලය පවා හෑල්ලුවට ලක්වන බව ඔහුට වැටහුණා නම් එය ඉතාම හොඳ දෙයකි.

රටක වටිනාම ක්ෂේත්‍රයක් වන අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයකට අත තැබීමේදී එය කොයි තරම් සැලකිල්ලකින් කළ යුත්තක් දැයි හරිනි ඇත්තටම දැන සිටියෙ නැති බව දැන් පැහැදිලිය. අධ්‍යාපනය වැනි මුල් බැසගත් ක්ෂේත්‍රයකට එක රැයෙන් පෙරළියක් කළ නොහැකිය. පාසල් කාලය දීර්ඝ කිරීම, කාලච්ඡේද වෙනස් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ යෝජනා ගණනාවක් හකුළා ගැනීමට සිදුවූයේ ද ඒවා බොහොමයක් හරිනිගේ ෆැන්‍ටසි අධ්‍යාපන මොඩියුලයටම මිස මහ පොළොවේ යථාර්ථයන් සමඟ පෑහීමට හැකි නොවුනු බැවිණි.

හරිනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ හැසිරී ඇත්තේ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ගත් අයෙකු ලෙස නොව නොමේරු කිරිසප්පයෙකු ලෙසයි. ප්‍රශ්න ගත මොඩියුලය පැත්තකින් තැබුවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ මුළු අනාගත පරපුරටම බලපාන හානිකර තත්ත්වයන් රැසක් පවතී. සාමාන්‍ය පෙළ වැනි තීරණාත්මක විභාග කඩඉම්වලදී පවා හරිනිගේ ක්‍රමයතුල මොඩියුල සඳහා වැඩි ලකුණු ප්‍රතිශතයක් හිමිවේ. මෙය මෙම ප්‍රතිසංස්කරණය තුළ ඇති භයානකම තත්ත්වය බව කිසිවකු විසින් කතා කර නැත. අධ්‍යාපන පද්ධතිය තුළ මොඩියුල ක්‍රමයකට වැඩි ලකුනු හිමි වීම තුළ ගුරුවන්ට විශාල බලයක් සංක්‍රේන්ද්‍රණය වේ. මොඩියුලවලදී අදාළ ලකුණු හිමිකර ගැනීමට ඉදිරියේදී ගුරුවරුන් දිනාගැනීමට ළමයින් අතර තරගයක් නිර්මාණය වීමට නියමිතය. විභාග ක්‍රමය නිසා දරුවන් අතර දැනුම සඳහා පැවති තරගය හරිනිගේ ක්‍රමය තුල විතැන්වන්නේ එවැනි තැනකටයි.

සැබවින්ම සිදුව ඇත්තේ මෙම බරපතල තත්ත්වයන් සමලිංගික මොඩියුලයෙන් වැසී යාමයි. ඒවා නිරාකරණය කර ගන්නා තෙක් මෙම ප්‍රතිසංස්කරණය වහාම නතර කිරීමට පියවර ගත යුතුය.

මේ සම්බන්ධයෙන් AKDගේ ස්ථාවරය කුමක් දැයි අපි දන්නේ නැත.

හරිනි වෙනුවෙන් එළියට වීසි වී අලවංගුවක් නොවී සිටීමම ඉතා හොඳය. නිහඬවම අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නියමිත ආකාරයෙන් මහ පොළොවේ යථාර්ථයන් අතික්‍රමණය නොකර සිදු කිරීමට මීට වඩා විශාල යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන්නේ නම් පමණක් අනුරට තව දුරටත් වීරයකු ලෙස පැවතිය හැකිය.

නැතිනම් අනුරටද සිදු වන්නේ පාර්ලිමේන්තුවේ සිටින ඔහුගේ නියෝජනය වන 159 ට සිදුවී ඇති ආකාරයටම ජනතාවගේ ප්‍රසාදය අහිමි වී අවලංගු වී යාමටයි.

Latest News

More like this

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...