2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව බුද්ධාගම විෂයේ තවත් බරපතල දෝෂයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබෙනවා.
බුද්ධාගම පෙළ පොතෙහි ධර්මචක්‍රය වෙනුවට අශෝක චක්‍රය භාවිතා කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ අද (09) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කරමිනි.
බුද්ධාගම පොතේ භාවිතා කර ඇති ධර්මචක්‍රය රාජ්‍ය සංකේතක් ලෙස භාවිතා කරන ධර්මචක්‍රය බවයි ඔහු ප්‍රකාශ කළේ.
විපක්ෂ නායකවරයා පැවසුවේ එය බරපතල දෝෂයක් බවත් එය නිවැරදි කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත්ය.
එහිදී අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ බුද්ධාගම පොතේ භාවිතා කර ඇති ධර්මචක්‍රය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති එකක් බවයි.
බුද්ධාගම පොතේ භාවිතා කර ඇති ධර්මචක්‍රය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය සහ අමාත්‍යාංශයේ උපදේශක මණ්ඩලය විසින් ද අනුමත කර ඇති බව ඇය පවසා තිබෙනවා.
මෑතකදී කළ මහානායක හිමිවරුන් හමුවීමට ගිය අවස්ථාවේ මෙම කාරණය මතු කළ විට, මහානායක හිමිවරුන් ද බුද්ධාගම පොතේ භාවිතා කර ඇති ධර්මචක්‍රය අනුමත එකක් බව ප්‍රකාශ කළ බව ද ඇය සඳහන් කර සිටියා.
